අවුරුදු 123 ක මිනිසෙක්‌ හමුවේ

වර්ෂ 1890 දී උපන් පුද්ගලයෙක්‌ බොලිවියාවේ ජීවත්වෙයි. ඒ අනුව ඔහුගේ දැනට වයස අවුරුදු 123 ක්‌ වන අතර ලෝකයේ අද ජීවත්වන වයස්‌ගතම මිනිසා ඔහු බවට පිළිගැනේ. බොලිවියාවේ මහා වනාන්තරයක ජීවත්වන ඔහු නමින් කාමෙලෝ ලෝරාවේ.

නරි මස්‌ සහ උරුලෑවන්ගේ මස්‌ දිනපතාම පාහේ ආහාරයට ගැනීම තමා දිගු කල් ජීවත්වීමේ රහස බව මේ කිරිකිත්තා කියයි.මම සීනි කන්නේ නැහැ. පිටිකෑම කන්නේ නැහැ. මම කන්නේ කැලෑවෙන් සොයා ගන්නා දේවල් පමණයි. මම මගේ බිරියත් එක්‌ක එකතුවී අපේ කෑම සාදා ගන්නවා. මම හැමදාම හුඟාක්‌ දුර ඇවිදිනවා. මට ඒකට කිසිම කම්මැලිකමක්‌ නැහැ. වනාන්තරයේදී හමුවූ පිරිසකට ඔහු කියා තිබේ.

කටේ එක දතක්‌වත් නැති කිසිම අකුරක්‌ කියෑවීමට නොදත් මේ කිරිකිත්තා තවමත් ඇවිදින්නේ හැරමිටියක්‌ නැතිවය. එසේම ඔහු ඇස්‌ කණ්‌ණාඩි දමන්නේද නැත.

මහරගම ගොඩිගමුව ප්‍රදේශයේදී මෝටර් රථයකට යටවී දෙදෙනෙකු මරුට

රියේ රියදුරා පනී - අයිතිකරු අසුවේ
මහරගම - පිළියන්දල මාර්ගයේ ගොඩිගමුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.මෙම මෝටර් රථය ටැක්සි සේවාවකට ලබා දී තිබූ එකක් බවත්, එම වාහනය නිට්ටඹුව ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් එකක් බවත් පොලිසිය කියයි. නිට්ටඹුවේ වාහනයේ අයිතිකරු අද (20) උදේ මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ අයිනේ රැඳීසිටි පුද්ගයින් සිව් දෙනෙකුගේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.අනතුරෙන් මාර්ගය අසල නවතා තිබු යතුරු පැදියක්, ලොරි රථයක් සහ ත්‍රීරෝද රථයකට ද අලාභ හානී සිදුව තිබේ.

එහිදි තුවාල ලැබු පුද්ගලයින් සිව් දෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.කෙසේ වෙතත් මෝටර් රථයේ රියදුරු පළාගොස් ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මහරගම පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ජංගම ගණිකා නිවාසයක් කළ හිටපු කොස්තාපල් වරද පිළිගනී

ජංගම ගණිකා නිවාසයක් පවත්වාගෙන යමින් තරුණියන් ගණිකා වෘත්තිය සඳහා මුදලට විකුණ­ූ බවට අධිකරණයේ දී වරද පිළිගත් ගල්කිස්ස පොලිසියේ හිටපු පොලිස් කොස්තාපල්වරයකුට ගල්කිස්ස මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රංග විමලසේන මහතා රුපියල් පනස් දහසක දඩ මුදලක් ගෙවීමට නියෝග කළේය.

එන්.එස්. සෙල්ලහේවා නමැති හිටපු පොලිස් කොස්තාපල්වරයකුට මෙම දඩ මුදල නියම විය.
මෙම හිටපු කොස්තාපල්වරයා ත්‍රිරෝද රථයක් යොදාගනිමින් තරුණියන් ගණිකා වෘත්තියේ යොදවමින් සිටියදී ගල්කිස්ස පොලිසිය විසින් තරුණියන් තිදෙනකු සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.

මීට පෙර නඩු දිනයේදී සැකකාරියන් ඇප මත මුදා හැර තිබූ අතර මෙම සැකකරු වරද පිළිගැනීමෙන් අනතුරුව දඬුවම් නියම කිරීම 19 දිනට කල් තැබිණි. ඊයේ (19 දා) මෙම නඩුව ගල්කිස්ස අධිකරණයේ කැඳවූ අවස්ථාවේ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රගීත් ගල්හේන මහතා කරුණු දක්වමින් සැකකරු රැකියාව අහිමිවී ඉතා අසරණ තත්ත්වයක පසුවන බැවින් ඔහුට ලිහිල් දඩයක් නියම කරන මෙන් ඉල්ලා සිටියේය.

දේශීය දියර කිරි නිෂ්පාදනය 16% කින් වැඩිවෙලා

වසරේ මුල් මාස හය තුළදී දේශීය දියර කිරි නිෂ්පාදනය සියයට 16 කින් වැඩිවී ඇති අතර ආනයනික කිරිපිටි මෙටි්‍රක්‌ ටොන් පන්දහසකින් අඩුවී ඇති බව මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ කුලේෂ්වර් කුමාර් මහතා කියයි.

ශ්‍රී ලංකාවේ වාර්ෂික දියර කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 332 වන බවත් එහි වටිනාකම රුපියල් බිලියන 16.6 ක්‌ බවද ඒ මහතා පැවැසීය.මධ්‍යම පළාතේ දෛනික දිය කිරි නිෂ්පාදනය ලීටර් දෙලක්‍ෂ විසිඅට දහසක්‌ වන අතර 2016 වසර වනවිට දියකිරි ලීටර් හාර ලක්‍ෂ පනස්‌දහසක්‌ දක්‌වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇත.

ආනයනික කිරිපිටි ප්‍රමාණය අඩුවීම නිසා රුපියල් මිලියන 3000 ක්‌ ඉතිරිවන අතර ඒ සඳහා මධ්‍යම පළාතේ දායකත්වය රුපියල් මිලියන 750 ක්‌ බවද පැවැසීය.දේශීය දියර කිරි නිෂ්පාදනය 2016 වසරේදී අවශ්‍යතාවය සඳහා කර ඇති සැලසුම් අනුව දේශීය කිරි දෙනුන්ගේ ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීමටද පියවර ගෙන ඇත.මේ වනවිට දෛනිකව කිරි ලීටර් 2.2 ක්‌ ලබා ගන්නා දේශීය කිරි දෙනුන්ගේ ඵලදායිතාවය අදියර කීපයකින් දිනකට කිරි ලීටර් 9.2 ක්‌ දක්‌වා ඉහළ නැංවීම සඳහා වැඩිපිළිවෙලක්‌ද ක්‍රියාත්මක කර ඇති බවද පැවැසීය.දේශීය දෙනුන් සඳහා ජර්සි වර්ගයේ උසස්‌ ආරයේ ගව ශුක්‍ර තරල ගැබ් ගත කර උසස්‌ ආරයේ ගව පැටවුන් බිහි කිරීමේ වැඩ පිළිවෙළක්‌ ආරම්භ කර ඇති අතර මධ්‍යම පළාතේ කෘතිම සිංචන ලබාදීමේ සියයට 68 ක ප්‍රතිශතය සියයට සියයක්‌ දක්‌වා වර්ධනය කිරීමටද සැලසුම් කර ඇත.

අට හැවිරිදි දැරියක් දුෂණය කර මරලා

දියතලාව ඇල්ලේගම පාසැල් කන්ද ප්‍රදේශයේදී අට හැවිරිදි දැරිවියක් දූෂණය කොට මරා දමා තිබියදී ඇගේ සිරුර හමුවී තිබේ. ඇල්ලේගම විදුහලේ 3 වන වසරේ ඉගෙනුම ලැබූ අට හැවිරිදි දැරිවියක වූ එච්.එම්.ඉරේෂිකා සත්සරණී නැමැති දැරිය මෙලෙස දූෂණය කොට මරා දමා තිබිණි. මවත් පියාත් හැරුණු කොට වැඩිමල් සොහොයුරෙකුගේත්, සොහොයුරියකගේත් බාල නැඟණිය වූ සත්සරණී ජීවත් වූ නිවසට යාබද නිවසෙහි ගරාජයක සේවකයෙකු වාසය කොට තිබේ. ඔහු බිරිඳගෙන් වෙන්ව හුදකලාව වාසය කොට ඇති අතර බිරිඳගේ නිවස ගිනිතැබීමේ වරදට සිරගතව සිට මීට සතියකට පමණ පෙර නිදහස්ව පැමිණියෙකි. නලීන් ප්‍රියදර්ශන (49) නැමැති මේ පුද්ගලයා සත්සරණිගේ පියා සමග හිතවත්ව සිටි අතර නිතර නිවසට ආගිය අයෙකි. සිරගතව පැමිණි දාමරිකයෙකු බව දැන සිටියද සත්තරණිගේ පියා මේ පුද්ගලයාගේ මිතුරුකම විශ්වාස කොට තිබේ. කෙසේ වෙතත් ගොදුර සොයා පැමිණි ගරාජ්කරුට එම විශ්වාසය සිය ඉලක්කයට යන්නට වඩාත් පහසු වී තිබේ.
ඊයේ (18) ගොම්මන් හවස් වරුවේද මේ බිහිසුණු අපරාධකරු සත්සරණිගේ නිවසට පැමිණියේය. වෙනත් ඇඳුමක් රැගෙන එන්නට ගෙදර යන්නම් යැයි සැකකාර අපරාධකරු සත්සරණිගේ පියාට කියා ඇති අතර මිදුලේ දුව පැන ඇවිදිමින් සිටි සත්සරණීද කැටුව යන්නම් යැයි ද පවසා තිබේ. පරිස්මට යැවීම ඈලියාවට යතැයි නොසිතූ දැරිය‍ගේ පියා ඊට එකඟව ඇත.

එහෙත් දඩයක්කරු ගොඳුර රැගන ගෙදර ගියේය. සවස හයට ගෙදර ගිය මිතුරාත් දියණියත් රාත්‍රී අට වනතුරුත් නොපැමිණීම හේතුවෙන් දැරියගේ ගෙදර සියල්ලෝම කළබල වූහ. අසල නිවෙසක පිරිසට කතා කොට මේ බව දැනුම් දුන් අතර ඔවුන්ද සමග සැකකරුගේ නිවෙස පිරික්සා ඇත. එහෙත් දොරගුලු ලා තිබූ හෙයින් නිවසේ කිසිවකු නැතැයි ඔවුහු සිතූහ.

පෙම්වතියට වෙඩි තියා කෝප්‍රල්වරයාද වෙඩි තබාගෙන - Love triangle end in shooting

පෙම් පළහිලව්වක්‌ දුර දිග ගිය ගමනක්‌
ත්‍රිකුණාමල ගුවන් හමුදා කඳවුරට අයත් මාබල් බීච් හෝටලයේ සේවය කරමින් සිටි ගුවන් හමුදා සෙබළියකට හා ගුවන් හමුදා සෙබළකුට ගුවන් හමුදාවේම කෝප්‍රල්වරයකු ඊයේ (18 වැනිදා) දහවල් 1.00 ට පමණ වෙඩි තබා ඝාතනය කර ඔහු ද වෙඩි තබා ගැනීමෙන් පසුව අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබේ.

වෙඩි තැබීම සිදුකළ කෝප්‍රල්වරයා සමඟ විවාහ වීමට සිටි සෙබළිය, ඝාතනයට ලක්‌ වූ සෙබළා සමඟ ප්‍රේම සබඳතාවක්‌ පවත්වන බවට සැක සිතා මෙම ඝාතනය සිදුකර ඇත.ඝාතනය සිදු කළ ගුවන් හමුදා කෝප්‍රල්වරයා මොරවැව ගුවන් හමුදා කඳවුරට අනුයුක්‌තව සේවය කරන අතර විශේෂ පුහුණුවක්‌ සඳහාඑම කෝප්‍රල්වරයා ත්‍රිකුණාමල ගුවන් හමුදා කඳවුරට ඊයේ පැමිණ සිටියදී එම හෝටලයට ගොස්‌ එහි රාජකාරි කරමින් සිටි සෙබළකු අත තිබූ තුවක්‌කුවක්‌ උදුරාගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

මෙලෙස ඝාතනයට ලක්‌ව ඇත්තේ නායක ගුවන් භට බණ්‌ඩාර සහ ගුවන් හමුදා සෙබළ චමෝදනී ප්‍රේමතිලක යන දෙදෙනාය. වෙඩි තබාගෙන සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්තේ ප්‍රියදර්ශන නමැති ගුවන් හමුදා කෝප්‍රල්වරයකු යෑයි පොලිසිය සඳහන් කළේය.සිද්ධිය පිළිබඳව ත්‍රිකුණාමල චීනවරාය පොලිසිය පරීක්‍ෂණ සිදුකරන අතර ගුවන් හමුදාව ද වෙනම පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබේ.මියගිය දෙදෙනාගේ මෘතදේහ කින්නියා රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත.

ගොඩක් අය මාව ඇසුරු කරන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න - උපේක්ෂා

සිහින වි‍ලේ සිහින සොයන රුවත්තියන් දෙදෙනෙක් මේ දවස්වල නිතරම අපිට මුණ ගැහෙනවා. ඒ තමයි නිම්මි සහ සඳුපමා. නිම්මිත් සඳුපමාත් අපි දකින්නේ උපේක්ෂාගෙන් සහ හිමාලිගෙන්, අපි සිහින විලට ගියේ උපේක්ෂාගෙ අලුත් තොරතුරු දැනගන්න.

සංගීත ටීචර්ට ලැබෙන ප්‍රතිචාර හොඳයිද ?
මුල් කා‍ලේ නම් හිතපු තරම් ප්‍රතිචාර හම්බවුණේ නැහැ. මොකද ඒක ටිකක් සැර චරිතයක්නේ. ගොඩක් අය මාව දකින්න කැමැති අහිංසක චරිතවලින් දැන් කතාව ටිකක් ගිහින්නේ තියෙන්නේ. ඒ නිසා දැන් නම් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

නැටුම් ටීචර් ගැන මොකද හිතෙන්නේ?
සංගීත ටීචර්ට නැටුම් ටීචර් හොඳ යාළුවෙක්. ඒ වගේම හිමාලිත් මට හොඳ යාළුවෙක්. මම හිමාලිත් එක්ක රඟපාන පළවෙනි වතාව මේක වුණත් අපේ හැඳුනුම්කම ටිකක් පරණයි. අපි දෙන්නම නැටුම් තරගයක විනිශ්චය මණ්ඩලයේ ඉන්නවා.

කෙල්ලට 15යි: කොල්ලට 17යි ගල් ගුහාවක හැංගිලා මධුසමය ගත කළේ ඇයි?

‘මම ඔයාට ආදරෙයි’ අමිලගේ ප්‍රේමාරාධනාව ප්‍රතික්‍ෂේප කර දමන්නට නදීශාට වුවමනා වූයේ නැත. දෙදෙනාටම රහසින් දෙදෙනාගේම හිරිමල් යොවුන් හදවත් තුළ මෝදු වෙමින් තිබූ සෙනෙහස් හැඟුම් අතු ඉති ලමින් ලියලා වැඩෙමින් තිබිණ. අමිල තමා කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන බව නදීශා දැන සිටියාය. එහෙත් ඒ හැඟීම් කුමක්දැයි නිවැරැදිව තෝරා ගැනීමට තරම් පැසුණු නුවණක් ඇයට තිබුණේ නැත. එහෙත් තමාගේ සිතෙහි නුහුරු සතුටක් දනවමින් දිනෙන් දින මෝරා වැඩෙන එම අපූරු හැඟීමට නදීශා තදින් ඇලුම් කරන්නට වූවාය.

‘අනේ අමිල අයියෙ අපි දෙන්නම තාම පොඩි ළමයිනේ. ගෙවල්වලින් දැන ගත්තොත් අපි දෙන්නම ඉවරයි’
නදීශා තම සිතට නැඟුණු සිතිවිලි අමිලට පැවැසුවේ ඔහු ප්‍රතික්‍ෂේප කිරීමට නොවුණත් ඇගේ සිතට ඒ වන විට අවදානමක සේයාවක් වැටී තිබිණි.
‘කමක් නෑ නදීශා නංගී, ඔයා මට අකැමැතියි නම් මම යන්නම්, මම ඔයාට කරදර කරන්නේ නෑ.’
ඔහු පරාජය භාර ගැනීමට සූදානම් වී සිටියේය. ජය ගැනීමට හෝ පරාද වීමට හෝ ඔහුට අවශ්‍ය වී තිබුණේ මාස කිහිපයක් තිස්සේ තමාගේ සිතට රිදුම් දුන් ඒ හැඟීම ඇය හමුවේ ප්‍රකාශ කොට සිත නිදහස් කර ගැනීමටය. එහෙත් අනපේක්‍ෂිත ලෙස ඇය ලබාදුන් පිළිතුර අමිලට සතුට දනවන්නක් විය.
‘අයියේ යන්න එපා ඔහොම ඉන්න ටිකක්. මං කැමැතියි ඔයාට’

Gossip Lanka Hot News Previous News Archive