ලෝක කුසලානය අපට දිනන්න තිබුණා - අර්ජුන රණතුංග

ඉන්දියාවේදී නිමාව දුටු එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් කුමාර් සංගක්කාර සිදු කළ වෙනස්කම් හතරක් පිළිබද තමන් පුදුම වූ බවත් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නායක අර්ජුන රණතුංග සදහන් කරයි.

ඉන්දියාවේ පැවති සම්මණ්ත‍්‍රණයක් අමතමින් හිටපු අර්ජුන රණතුංග කියා සිටියේ මෙරට කි‍්‍රකට් ක‍්‍රීඩකයන් සංවර්ධනය කිරීමේදී ඉන්දියානු කි‍්‍රකට් ක‍්‍රීඩාවෙන් ලබා ගැනීමට කිසිවක් නොමැති බවයි.

 අතීතයේදී එසේ වුවද වර්තමානයේදී ඉන්දීය කි‍්‍රකට් ක‍්‍රීඩාවේ ගමන් මාර්ගය දෙස ලබා සිටීමේදී ඉන්දීය කි‍්‍රකට් ක‍්‍රීඩාව පරිහානිය පැහැදිලිව දැකගත හැකි බව අර්ජුන රණතුංග වැඩිදුරටත් සදහන් කර සිටියේය. 

‘තරුණ ක‍්‍රීඩකයන් මූල්‍යමය වාසි තකා කෙටි තරග රටාවන්ට යොමුවීම අවාසනාවට කරුණක්.පැහැදිලිව කියන්න පුළුවන් ඉන්දියාවට තවත් සචින් ටෙන්ඩුල්කාර් කෙනෙකු හෝ සුනිල් ගවස්කාර් කෙනෙකු අවශ්‍ය නෑ.එක කාලයක අපේ කි‍්‍රකට් ඉගෙනුම් කි‍්‍රයාවලියේ එක් කොටසක් වශයෙන් තරුණ ක‍්‍රීඩකයන් ඉන්දියානු කි‍්‍රකට් ක‍්‍රීඩාව පිළිබදව අවධානය යොමු කළා.

එදා දෙවියන් කතරගමට වැඩියා – මංජුල පීරිස්

  • කතරගම දෙවියන්ගෙ නිල කැපකාරයා වෙච්ච කපුවාවත් නොකිව්ව කතාවක් ඔබ කිව්වා කියලා හරි ලස්සනට අනාගත්තා හරිද? වැරැදිද?
නෑ. ඒක අනාගැනිල්ලක් නෙවෙයි.
  • ˜ එහෙනම්, මොන ගැනිල්ලක්ද?
මං ආයිත් කියනවා ඇත්තටම මේක අනාගැනිල්ලක් නෙවෙයි.
  • එහෙනම්?
සමහර මාධ්‍ය වැරැදියට මේක තේරුම් ගත්තා. ඇත්තටම, තව පාරක් කිව්වොත් එහෙම අනාගැනිල්ලක් නෙවෙයි.
  • ˜ දෙවියො, ඒ කියන්නේ කතරගම දෙවියො වඩිනවා කියලා ඔබ කිව්වා මුළු රටටම ඇහෙන්න. ඒක රූපවාහිනී නාළිකාවකින් කිව්වා?
ඔව්.
  • ˜ ඔබට බෑ, නෑ කියන්න. මමත් ඒක ඇහුවා. මේ මගේ සාක්ෂිය ඔබ ප්‍රශ්න කරන වෙලාව. දෙවියො වැඩියෙ නෑ. ඒ ඇයි?
දෙවියන් අනිවාර්යයෙන් වැඩියා.

ආසියානු සත් සාමාජික රග්බි කණ්ඩායම් අතරේ ලංකාට තුන්වැනි ස්ථානය

ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේදී මලයාසියානු කණ්ඩායම ලකුණු 31 - 12 කින් පරාජය කිරීමත් සමග ආසියානු සත් සාමාජික රග්බි කණ්ඩායම් අතරේ තුන්වැනි ස්ථානය ස්ථාවර කරගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. 

අවසන් පූර්ව වටයේදී හොං කොං පිල හමුවේ ලකුණු 33 - 19 කින් පරාජය වූ ශී‍්‍ර ලංකා පිල තුන්වැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී මලයාසියානු කණ්ඩායම පහසුවෙන්ම පරාජය කරන ලදි.මෙම තරගාවලිය ඊයේ සහ අද (12 සහ 13) ඉන්දියාවේ මුම්බායි නුවර, ජිම්කානා කී‍්‍රඩා සමාජයේදී පැවැත්විණ. 

මුම්බායිහිදී ඊයේ (12 වැනිදා) පැවැති පළමු තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදවා ලකුණු 55-07 ක දැවැන්ත ජයක් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම දෙවැනි තරගයේදී තායිලන්ත කණ්ඩායම පරදවා ලකුණු 28-05 ක පහසු ජයක් ලබාගත්තේය. 

හදිසියේම ඕස්ට්‍රේලියාවේ කැසිනෝ රජා ලංකාවට

ඕස්ට්‍රේලියාවේ ක්‍රවුන් කැසිනෝ අධිපති ජේම්ස් ෆැකර් මහතා පසුගිය බ්‍රහස්‌පතින්දා (10 ) හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මුණගැසුණේය. 

ඔහු ඇමැතිවරයාට අමතරව මුදල් අමාත්‍යාංශය ප්‍රධානියකුද හමුවී සිකුරාදා (11 ) නැවත පිටව ගොස්‌ ඇත. 

ඩී. ආර්. විජයවර්ධන මාවතේ රුපියල් මිලියන 350 ක වියදමින් කැසිනෝ හලක්‌ සමග කාමර 400 ක හෝටලයක්‌ (ක්‍රවුන් ඩිවලොෆ්මන්ට්‌) ඉදි කරන්නේ ඡේම්ස්‌ ෆැකර් මහතා විසිනි. 

 ඡේම්ස්‌ පැකර් සිය රටට යාමට පෙර මෙරටදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්‌ඩල සමුළුව සඳහා පැමිණෙන බව පවසා ඇතැයිද දැනගන්නට ඇත. 

තෙරපී හැටහතරක් මරුට - ඉන්දියාව

ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශයේ හින්දු ආගමික උත්සවයකට සහභාගී වෙමින් සිටි පිරිසක් තෙරපීමට සහ පෑගීමට ලක් වීමෙන්, 64 දෙනෙකු මියගොස් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. 

වන්දනා කරුවන් දහස් ගණනක් පටු පාලමක් හරහා ගමන් කරමින් සිටිය දී මෙය සිදුවී ඇති අතර කලබල වූ සමහරෙක් ගඟට වැටීමෙන් ද මිය ගොස් ඇති බවද පැවසේ. 

පිරිස පාලනය කිරීම සඳහා පොලිසිය බැටන් ප්‍රහාර එල්ල කිරීම නිසා මෙම කලබලය ඇතිවූ බවට ද රාවයක් පැතිර තිබේ. 

කෙසේවවුද පොලිසිය කියා සිටියේ පාලම කඩා වැටෙමින් ඇති බවට පැතිරී ගිය කට කතාවක් නිසා පිරිස කලබලයට ලක්වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

ජනපතිවරයාගේ අත්සන නොමැතිව දිනෙන් දින කල් යන - Cargills Bank

මහ බැංකුවේ ලිඛිත අවසරය හිමිව තිබෙන කාර්ගිල්ස් කෘෂිකාර්මික හා වානිජ බැංකුව විවෘත කිරීම දිනෙන් දිනම කල් යන්නේ ජනපතිවරයාගේ අත්සන නොමැතිවීමෙන් බව  වාර්තා වේ. බැංකු පනතේ ප්‍රකාරව මෙම බැංකුවට ව්‍යාපාර කටයුතු ආරම්භ කිරිමට මුදල් විෂය භාර අමාත්‍යාවරයා ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය අවශ්‍ය වේ. 

ජනපතිවරයා මෙසේ සිය අත්සන යෙදීම ප්‍රමාද කරනු ලබන්නේ සුපිරි වෙළෙද සැල් (සුපර් මාර්කට්) ක්‍රියාදාමය සිදු වන ආකාරය පිළිබඳ යම් මතභේදකාරි තත්ත්වයක් පැන නැගී තිබීම හේතුවෙන් බව මුදල් අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු හෙළි කළේය. විශේෂයෙන් ඒවායේ සැපයුම්කරුවන්ට පනවා ඇති මාස 06 ක ණය පදනම නිසා සිල්ලර වෙළෙදසැල්වලට තර්ජනයක් වීම මෙම තත්ත්වය උස්සන්න වීමට හේතුවක් යැයිද ඔහු කියා සිටියේය. 

මේ අතර මහ බැංකු නියෝජ්‍ය අධිපති ආනන්ද සිල්වා මහතා මාධ්‍යට හෙළිකර තිබුණේ අදාළ බලපත්‍රය ළඟදීම ලැබෙනු ඇති බවට තමාට විශ්වාශය පළ කළ හැකි බවයි. දිවයිනේ සියළු පළාත් ආවරණය වන පරිදි තොරා ගත් ස්ථාන 10 ක සිය ශාඛා පිහිටුවා ඇති බව එම බැංකුවේ අධ්‍යක්ෂවරයෙක් හෙළි කළේය. මේ සදහා අවශ්‍ය සියළු පහසුකම් ගොඩ නගා අවසන් බවත්, සේවකයින්ද බදවාගෙන ඇතැයි ඔහු පැවසීය. 

සමලිංගිකයන්ට ඇතුළුවීම තහනම් - කුවේට් රාජ්‍යය

තම රටට සහ ගල්ෆ් කලාපයේ රටලටට ඇතුළුවන පුද්ගලයන් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර ඔවුන් සමලිංගිකයන්ද යයි සොයා බැලීම සඳහා වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීම කෙරෙහි කුවේට් රජයේ අවධානය ලක්වී ඇතැයි වාර්තා වේ. 

එයින් සමලිංගිකයන් බව නිගමනය කෙරෙන පුද්ගලයන්ට කුවේට් රාජ්‍යය හෝ ගල්ෆ් කලාපයේ ඕනෑම රටකට ඇතුළුවීම තහනම් කෙරෙනු ඇත. මෙම යෝජනාව පිටුවහල් කිරීම පිළිබඳ තීරණ ගැනීමේ බලය සහිත කමිටුවක් විසින් නොවැම්බර් 11වනදා සලකා බැලීමට නියමිතය.

නිශ්චිත කාලයකට වරක් මෙම වෛද්‍ය පරීක්ෂණ වලට සහබාගී විය යුතු යයි යෝජනා වී තිබුණද එම පරීක්ෂණයන් කවර ආකාරයක් ගන්නේද යන්න යෝජනාව තුළ පැහැදිලි කර නැතැයි වාර්තා වේ. කුවේට් රාජ්‍යය තුළ සමලිංගික ක‍්‍රියාවන් තහනම් කර ඇති අතර අවුරුදු 21ට අඩු පුද්ගලයන් සම්බන්ධ වේ නම් උපරිම සිර දඬුවම වසර 10කි.

සචින් තෙන්ඩුල්කාර් ක්‍රීඩාවෙන් සමු ගැනීමට සූදානම්

ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් සිය දෙසිය වැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් අනතුරුව ක්‍රීඩාවෙන් සමු ගැනීමට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබේ. 

ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය මගින් ප‍්‍රසිද්ධ කෙරුණු ඔහුගේ ලිපික් උපුටා දක්වමින් මේබව වාර්තා කර ඇත. මේ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන මාසයේ දී බවද පැවසේ. 

ක්‍රීඩා දිවියෙන් සමු ගැනීමේ පුවත නිවේදනය කරමින් ඔහු පවසන්නේ, ගෙවුන වසර විස්ස පුරා ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ සිහිනය තුළ තමා ජීවත් වුන බවයි. වයස අවුරුදු එකොළහේ පටන් ක්‍රිකට් තුළ ජීවත් වූ තමාට ක්‍රිකට්වලින් තොර ජීවිතයක් සිතා ගැනීමත් නොහැකි බවද ඔහු කියා සිටී. 

ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර තරඟවලදී ලොව වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගෙන ඇති තෙන්ඩුල්කාර් ටෙස්ට් තරඟ 198 කදී ලකුණු 15,837 ක් සහ එක්දින තරඟ 463 කදී ලකුණු 18,426 ක් රැස් කරගෙන තිබේ. 

Gossip Lanka Hot News Previous News Archive