විදේශිකයන්ටත් ලංකාවේ සදහටම නවතින්න වීසා

ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව විදෙස් පුරවැසියන් සදහා මෙරට ස්ථිර වාස වීසා බලපත්‍ර (PR) ලබාදීමට තීරණය කර තිබේ. විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ ස්ථිර වාස වීසා නිකුත් කිරීමේ විධිවිධාන ඇතුළත් කර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම අති විශේෂ ගැසට් නිවේදනයට අනුව විදෙස් රටක පුරවැසි භාවය ලබාගත් හේතුව නිසා මෙරට පුරවැසි භාවය අහිමි වී සිටින්නන්ට ලාංකිකයකු සමග විවාහ වී සිටින විදෙස් රටක පුරවැසිභාවය හිමි කාලාත්‍රයකුට සහ විදෙස් රටක ජීවත් වන ශ්‍රී ලාංකිකයකුගේ බිරිඳට සහ දරුවන්ට යන පාර්ශව තුනට මෙලෙස ශ්‍රී ලංකාවේ ස්ථිර වීසා ලබා ගත හැකි බව එම අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

ඩයනාගේ මන්ත්‍රීධුරය අහෝසියි

සමගි ජන බල පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්වූ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දැරිය නොහැකි බවට ත්‍රිපුද්ගල ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලය අද තීන්දුව ප්‍රකාශයට පත්කරමින් නියෝග කළේය.ද්විත්ව පුරවැසිභාවය සහිත අයෙකුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරය දැරිය නොහැකි බවට චෝදනා කරමින් ගොනුකර තිබූ පෙත්සම් විභාගයක තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මෙම නියෝගය නිකුත් කළහ.


රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ගම්‍ය වෙයි.

මම පාලිත මහත්තයාගේ අන්තිම කැමැත්ත ඉෂ්ට කළා – රවී රොයිස්ටර්

රවී රොයිස්ටර් ගායනා කළ ‘හමාර බණවර’ නමැති මේ ගීතය පසුගිය සතියේ විද්‍යුත්, මුද්‍රිත වගේම සමාජ මාධ්‍ය මගින් නිතර කතාබහට ලක්වුණා. ඒ, පාලිත තෙවරප්පෙරුම නමැති සුන්දර චරිතය නැතිනම් දේශපාලනඥයාගේ වියෝවත් සමගය. ඔහුගේ අවසන් කැමැත්ත වූයේ මේ ගීතයේ පද පේළි කිහිපයක් වෙනස් කර තමන්ගේ අවසාන භූමදානය දවසේ ගායනා කිරීමය. ඉතින් ඔහුගේ අකල් වියෝවත් සමග මේ ගීතය වගේම පාලිත තෙවරප්පෙරුමගේ අන්තිම කැමැත්ත මාධ්‍ය මගින්ම වගේම සමාජ මාධ්‍ය මගින් ද නිතර කතාබහට ලක්වුණා. මේක දැකපු ගීතයේ මුල් ගායක රවී, පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කැමැත්ත සැබෑවටම ඉෂ්ට කළා.

වීසා නිකුත් කිරීම ඉන්දීය සමාගමකට දීමෙන් මහ අවුලක් වෙලා

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ මෙතෙක් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සිදු කළ වීසා නිකුත් කිරීම (On Arrivel Visa ) පෙරේදා (2) දින සිට එහි කටයුතු ඉන්දීය පෞද්ගලික සමාගමකට පවරා තිබූ අතර , ඔවුන් එම කටයුතු ආරම්භ කර පැය කීපයක් තුළ ගුවන් තොටුපොළ තුළ දිගු පෝලිම් ඇති වී විදේශීය සංචාරකයන් කළහකාරී ලෙස හැසිරීමට පටන් ගැනීමත් සමග එම ඉන්දීය සමාගම වීසා නිකුත් කිරීමේ කටයුතුවලින් තාවකාලිකව ඉවත් කිරීමට ආගමන විගමන පාළක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පියවර ගත්තේය.

අනුරගෙන් සජිත්ට තවත් දිනයක් - මැයි 20ට පෙර විවාදයට සූදානම්

මැයි 20ට පෙර සමගි ජන බලවේගය ලබාදෙන ඕනෑම දිනක විවාදයට සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ජාතික ජනබල වේගයේ මාතර මැයි රැළිය අමතමින්.

එමෙන්ම මේ වනවිට සෙසු සියළු පක්ෂ වෙනදාට වඩා මාලිමාව දෙස බලාසිටින බවත් එම නිසා සිය පක්ෂයට අභියෝගය වැඩි වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මින් ඉදිරියට දරුවන්ට ශාරීරික දඬුවම් නීතියෙන් වරදක්

දරුවන්ට පහරදීම් ඇතුළු ශාරිරික දඬුවම් පැමිණවීම තහනම් කිරීම සඳහා වන දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව මින් ඉදිරියට වැඩිහිටියෙකු හෝ ගුරුවරයෙකු දරුවෙකුට ශාරිරික දඬුවම් කරන්නේ නම් එය වරදක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

පෑලියගොඩ අවටින් ඇල්ලූ වීදි ගණිකාවන් 25ටම සමාජ රෝග

පෑලියගොඩ පොලිස් වසමේ දින කිහිපයක් තුළ සිදුකළ වැටලීම්වලින් පොලිසිය භාරයට ගත් වීදි ගණිකාවන් විසි පස් දෙනකු සමාජ රෝගවලට ගොදුරු වී ඇතැයි වෛද්‍ය පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

මෙම කාන්තාවන් පෑලියගොඩ මධ්‍යම වෙළෙඳ සංකීර්ණය, මත්ස්‍ය වෙළෙඳපොළ, පට්ටිය හංදිය, වෙදමුල්ල ඇතුළු ප්‍රදේශවලදී පෑලියගොඩ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ලොව විශාලම ගුවන්තොටුපළ ඩුබායි නගරයේ ඉදිවෙයි

Dubai begins construction of 'world's largest' airport

වාර්ෂිකව ගුවන් මගීන් මිලියන 260 ක් මෙහෙයවිය හැකි ලොව විශාලතම ගුවන්තොටුපළ ඩුබායි නගරයේ ඉදිකිරීම ආරම්භ කළ බව ඩුබායි නගරයේ පාලකයා වන ෂික් මොහොමඩ් බින් රෂිඩ් අල් මැක්ටවුම් විසින් ඊයේ (29දා) නිවේදනය කර තිබේ.

මම ඉන්නේ මහත්තයා එක්ක -ඒ ඔක්කොම බොරු - pooja umashankar

පූජා උමාශංකර් රඟන ‘සිහිනයකි ආදරේ’ සිනමාපටය මේ දිනවල තිරගත වේ. පූජාගේ චිත්‍රපටයක් තිරගත වන්නේ වසර හතකට පසුවය. ඒ සමගම පූජා ගැන ඇතැම් පුද්ගලයන් අතර මෙන්ම මාධ්‍ය ක්‍ෂේත්‍රයේද විවිධ ප්‍රචාරයන් පළවෙමින් තිබේ. ‘සිහිනයකි ආදරේ’ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයේදී හෝ මංගල දර්ශනයේදී මෙන්ම ප්‍රචාරක කටයුතුවලදීද පූජා පෙනෙන්නට නොසිටීම ඊට හේතුවක් වන්නට ඇත. පූජා බැංගලෝරයේ සිට කතා කළාය. මේ ඇය අප සමග කළ සංවාදයයි.

● පූජා කෝ කියලා මේ දවස්වල ඔබේ රසික රසිකාවියෝ හොයනවා. ඇත්තටම පූජා කොහෙද ඉන්නේ ?

මම ඉන්දියාවේ බැංගලෝර්වල ඉන්නේ. තාත්තායි අම්මයි එක්ක මයිසූර්වල ඉඳලා බැංගලෝර්වලට ආවා.

පෙබරවාරි මාසය ඔබට කොහොමද?

පෙබරවාරි මාසය ආරම්භයේ මකර රාශිය උදාවී එහි රවි ග්‍රහයා ගෝචරව සිටීම අනුව තරමක උණුසුම් වාතාවරණයක් මෙන්ම මහජනතාව තුළ ද සානුකම්පිත බව ගිලිහී යාමේ ප්‍රවණතාවක් දක්නට ඇත.

පෙබරවාරි මස 22 සහ 28 යන දිනවල සිකුරු – කුජ සහ බුධ – ශනි යන ග්‍රහයන් අතර ග්‍රහ යුද්ධ දෙකක් පෙන්නුම් කරයි. ඒවායින් සිකුරු සහ ශනි ජයග්‍රහණ ලබයි.

විවාහයෙන් වෙන් වෙලා හිටියත් දුව තාත්තට ආදරෙයි - Upeksha Swarnamali

උපේක්ෂා ස්වර්ණමාලි කියලා කියන්නේ අපේ රටේ සිටින ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්. සිය දක්ෂතා මඟින් නිර්මාණ රැසකින්ම ප්‍රේක්ෂකයන් අතරට එන්නට සමත් වූ ඇය මේ වන විට ප්‍රේක්ෂකයන් අතර ඉතාමත්ම ජනප්‍රියයි. 2024 අවුරුද්දේ උපේක්ෂා මොනවද කරන්නේ කියලා දැන ගන්නත් එක්කම කතාබහකට එකතු කර ගත්තා.

මම මගේ පෙම්වතා එක්ක එක ගෙදර ජීවත් වෙන්නේ - Volga Kalpani

වොල්ගා කල්පනි කියන්නේ එකිනෙකට වෙනස් වූ චරිත එක්ක පුංචි තිරයත් සමඟ ගැටෙන රංගන ශිල්පිනියක්. ඒ නිසාම මුලින්ම ප්‍රධාන චරිතයක් රඟපෑ ටෙලි නාට්‍යයෙන්ම ඈ හොඳම නිළියට හිමි සම්මානය ලබා ගන්නවා, තවමත් සම්මානවලට හිමිකම් කියන වගේම කාලයක් පුංචි තිරය එක්ක ගනුදෙනු කරන ඈ ගැන තොරතුරුයි මේ.

වොල්ගා කොහොමද ජීවිතේ ..?

මම කවදත් සතුටින් ජීවත් වෙන්න ආස කරපු කෙනෙක්. ඒ නිසා ඒ සතුට හැමදාමත් මම වින්දා. අදත් සතුටින් ජීවත් වෙනවා . මේ දවස්වල මම රංගනයෙන් සම්බන්ධ වෙන නාට්‍ය දෙකක් විකාශය වෙනවා.

අවලෝකිතේෂ්වර බෝධි සත්ත්වයා රිමාන්ඩ්

අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට නිගාවන ආකාරයේ දේශන පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් මහින්ද කොඩිතුවක්කු නැමැත්තා එළඹෙන 24වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

සැකකරු අද (16) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.

සැකකරු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පන්නිපිටියේදී ඊයේ (15) අත්අඩංගුවට ගනු ලැබීය.

2024 වසර ඔබට කොහොමද?


අප සිත්සතන් තුළ අපේක්ෂා, අරමුණු බොහොමයක් පෙළගස්වමින් 2024 නව වසර උදා වෙමින් ඇත. ජ්‍යොතිෂානුකූලව බැලුවහොත් එළඹෙන වසරේ චන්ද්‍රග්‍රහණ දෙකක්, සූර්යග්‍රහණ දෙකක් සිදු වේ. ග්‍රහ යුද්ධ 18ක් සහ ග්‍රහ මාරු රැසක් පෙන්නුම් කරයි. එවන් කාලයකදී දේශගුණික, කාලගුණික විපර්යාස, ආර්ථික, සාමාජයීය, දේශපාලනික වෙනස්කම්වලට ද අපට මුහුණ දෙන්නට සිදු වනු ඇත. තත්ත්වය එසේ වුවද අප ධනාත්මක අයුරින් නව වසර දෙස බැලිය යුතුය. නව වසර පිළිගත යුතුය.

සුරූපී නිළිය රවටා ලක්ෂ ගණන් සල්ලි ගරපු NGO අනංගයා

මේ දිනවල දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වන “ මල් පිපෙන කාලේ“ ටෙලි නාට්‍යයේ ජනප්‍රිය චරිත දෙකක් බවට පත්ව සිටින්නේ පිණිමුතු සහ නිල් නෙතු ය. නිවුන් සහෝදරයින් වන මේ දෙදෙනා සැබෑ ලෝකයේ නම් තැබී ඇත්තේ අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කණුෂ්කි ප්‍රේමචන්ද්‍ර ලෙසිනි. තවමත් නව යොවුන් වියේ පසුවන මෙම නිවුන් සහෝදරියෝ කලා ලෝකයට එක්වන්නේ ද දෙරණ නාළිකාව මඟින් සංවිධානය කළ ලිට්ල්ස්ටාර් තරගාවලිය හරහාය.

ගැහැනු දරුවන් 06 දෙනෙකුම සිටින පවුලේ බාලයන් වන අනුෂ්කි සහ කනුෂ්කි “අනු ඇන්ඩ් කනු“ නමින් යූ ටියුබ් නාළිකාවක් ද පවත්වා ගෙන යන්නේ ඔවුන්ගේ නර්තන හැකියාවන් ඇතුළු දක්ෂතා ඒ ඔස්සේ එළිදක්වමිනි.

පුත්තලම නෙඩුම්කලම්හි කපුටන් හදිසියෙ මිය යයි


පුත්තලම නෙඩුම්කුලම් ප්‍රදේශයේ ස්ථාන කිපයක  විශාල ලෙස කපුටන් (7 ) දින මිය ගොස් ඇති බව ජනතාව පවසති.

මෙසේ 100 කට ආසන්න කපුටන් නෙඩුම්කුලම් ප්‍රදේශ ස්ථාන කිපයක මිය ගොස් තිබු බව ප්‍රදේශවාසින් පවසයි.

මෙසේ මරණයට පත්වු කපුටන් රංචු ආසන්නයෙ අහසේ කපුටන් විශාල ලෙස පියාඹින් සිටින අයුරුද දැක ගත හැකි විනි.

නතාෂා - බෘෘනෝ බුදුන්ට අපහාස කළැයි පිරිසක් පාරට බසිති

බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් නිකුත්  කළැයි කියන සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ජයනි නතාශා එදිරිසූරිය සහ  ඇයට ආධාර අනුබල දුන්නැයි කියන බෲනෝ දිවාකර අද දින අධිකරණයට ඉදිරිපත් කළ අවස්තාවේ ඊට සමගාමීව අධිකරණය අසළ පිරිසක් සංවිධානාත්මකව විරෝධය දක්වා තිබුණි.

මුදල් කාරක සභාවේ සභාපති ධූරය හර්ෂට


සමගි ජන බලවේගයේ  මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා  රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  සභාපති ධූරයට අද (7) පත් කරනු ලැබීය.

හර්ෂ ද සිල්වා මහතා එම තනතුරට පත් කරන්නැයි ඒ  කමිටුවට  යෝජනා කරනු ලැබූවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

ඒ අනුව එම යෝජනාවට  කාරක සභාවට  සහභාගි වූ සියලු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය පළවිය.

The Royal Birthday Party of Chandimal Jayasinghe


 

රවි මිථුනයට - ඔබේ ලග්නයට කොහොමද?


“ 2023 ජූනි මාසයේ සිදුවීමට යන රාජ්‍යකාරක රවිගේ මාරුව සිදුවන අතර මෙය 2023 ජූනි 6 සිට ජූලි 16 දක්වා රවි-මිථුන රාශිගත වේ. මෙම පොසොන් මාසයේ දරුවන් පිළිබඳවත් නව නීති ක්‍රියාත්මක වන බවත් නව සංශෝධන ගොඩනැඟෙන අතර රාජ්‍යකාරක රවිගෙන් මිත්‍රත්වය වර්ධනය වන නිසා විදේශ රටවලින් ලැබෙන සහය රවි මාරුවෙන් රටේ නායකයාට සුබ බවත් රටට යම්කිසි සහනයක් ලැබෙන බවත් කිව යුතුයි.”

Gossip Lanka Hot News Previous News Archive