අවුරුදු තිහේම සිදු වූ අපරාධ ගැන සොයා බලනවා - නවී පිල්ලේ

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති දශක තුනකට ආසන්න කාලය තුල ශ්‍රී ලංකාවාසී සියලුම ජාතීන්ට එරෙහිව සිදු කෙරුණු සියලුම මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව සොයා බලන බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස්වරිය පවසයි.

නවී පිල්ලේ ගේ නියෝජිත රෝරි මුන්ගවන් එම ප්‍රතිඥාව දුන්නේ, යුද්ධයේ අවසාන වසර කිහිපයේ දී පමණක් නොව සමස්ත යුද්ධයේදීම සිදු වූ අපරාධ පිළිබඳව සොයා බලන මෙන් ත්‍රිකුණාමලයේ සිවිල් සංවිධාන එකමුතුව ඇයගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී.විශේෂයෙන්ම කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් නැගෙනහිර එල්ටීටීඊ නායකයා වූ සමයේ බෞද්ධ භික්ෂුන් වහන්සේ මරා දැමීම, දරුවන් පැහැර ගැනීම ඇතුළු අපරාධ පිළිබඳව සොයාබලන මෙන් ත්‍රිකුණාමලය නගරයට රැස් වී සිටි සිය ගණනක් උද්ඝෝෂකයෝ මහ කොමසාරිස්වරිය ගෙන් ඉල්ලා සිටියහ.

නියෝජ්‍ය අමාත්‍ය කරුණා එල්ටීටීඊ නායකයාව සිටි සමයේ එල්ටීටීඊය විසින් පැහැර ගන්නා ලද බව පැවසෙන දරුවන්ගේ මවුවරුද අතුරුදහන් දරුවන්ගේ ඡායාරූපද අතැතිව උද්ඝෝෂණයට එක් වී සිටියහ.විශේෂයෙන්ම අරන්තලාව භික්ෂු ඝාතනය සහ දිමුලාගල විහාරයේ නායක ස්වාමීන් වහන්සේ ඝාතනය කිරීම ඇතුළු අපරාධ පිළිබඳව ද සොයා බලන මෙන් මහ කොමසාරිස්වරිය ගෙන් ඉල්ලා සිටින පුවරු විරෝධතාකරුවන් අත තිබුණු බව මාධ්‍යවේදී ආර්ජී ධර්මදාස වාර්තා කරයි.

රුපියල ඉතිහාසයේ වැඩිම පසුබෑමට ලක්වේ

ශ්‍රී ලංකා රුපියල මෙතෙක් වාර්තාකළ අඩුම අගය දක්වා අද අවප්‍රමාණය වූ අතර උදෑසන ඩොලරයක මිල රුපියල් 135 ක සීමාවට පැමිණුනි.මේ අනුව, අද උදෑසන ගනුදෙනු ආරම්භයේදී ඩොලරයක මිල රුපියල් 133.20/30 ක්වූ අතර දහවල් වනවිට විශාල වශයෙන් රුපියල අවප්‍රමාණය විය.

මෙය වාර්තා වන්නේ පසුගිය මාස කිහිපය තුළදී ශ්‍රී ලංකා රුපියල දිනක් තුළදී පහළ වැටුණු වැඩිම ප්‍රමාණය ලෙසයි.මේ අතර, බැඳුම්කර වෙළඳ පොළේ වසර පහේ බැඳුම්කර පොලිය සියයට 11.95/12.00 ක් ලෙස පැවතුණි.ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තාවූ අඩුම අගය දක්වා අද දහවල් අවප්‍රමාණය වීම පිළිබඳව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අදහස් දැක්වීය.

මෙහිදී, ඔහු අවධාරණය කර සිටියේ මෙම කඩාවැටීම තාවකාලික සංසිද්ධියක් බවයි. අද උදෑසන ගනුදෙනු ආරම්භයේදී ඩොලරයක මිල රුපියල් 133.20/30 ක් පමණ වුවත් පසුව එය ඩොලර් 135 සීමාව දක්වා විශාල වශයෙන් අවප්‍රමාණය විය.

ආනියා සමග යහන්ගතවීමට පිරිමි මිලියනයකට ආරාධනා

පෝලන්තයේ ආනියා ලිසෙව්ස්කා (ania lisewska) නැමති කාන්තාව වසර 10කදී පිරිමින් දසලක්ෂයක් සමග යහන්ගතවී වාර්තාවක් තැබීමට කටයුතු කරමින් සිටී. ඇය පසුගිය මැයි 24 වෙනිදා සිට මේ අසම්මත වාර්ථාව ලුහු බැඳීම ආරම්භ කොට ඇති බව පැවසේ.

 ආනියා, ෆේස්බුක් ට්වීටර් ඇතුලු අන්තර්ජාල ඉඩකඩ උපයෝගී කරගෙන තමන් සමග යහන්ගතවීමට ආරාධනා කරනු ලබන්නේ සිය වාර්තාව කරා යන්නට උපකාර කරන ලෙස ඉල්ලමිනි.

විසිහැවිරිදි වියේ පසුවන මේ කාන්තාව 30 වැනි වියට එළැඹෙන විටදී සිය වාර්තාවට ළඟාවන බවට විශ්වාසය පළකර තිබේ. කෙසේ වෙතත් මේ ක්‍රියාව පිළිබඳව බොහෝ දෙනා සිය දැඩි විරෝධය හා අප්‍රසාදය පල කොට ඇති බවද පැවසේ.

පිල්ලේ මාව කසාද බඳින්න කැමතිනම් මම හෙට උණත් බඳිනවා – මර්වින්

ශ‍්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය කැමති නම් තමන් ඇය විවාහ කර ගැනීමට සූදානම් යයි අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.මරදාන සුදුවැල්ල ප‍්‍රදේහයේ පැවති ‘ජන පියස’ ප‍්‍රජාසත්කාරක ජංගම සේවාව සඳහා සහභාගී වෙමින් අමාත්‍ය මර්වින් සිල්වා මහතා මේ යෝජනාව කලේය.

“පිල්ලේ නෝනට කියනවා. එන්න මාත් එක්ක රට වටේ යන්න. මාත් එක්ක එනවා නම් මං කියලා දෙන්නම් ඉතිහාසය මහා රාවණාගේ ඉඳලා විජය කුමාරයට නවාතැන් දීලා කුවේණිය කසාද බන්දලා දුන්නෙ අපි, පිල්ලේ නෝනටත් කැමති නම් මමත් ලෑස්තියි එතුමිය කසාද බදින්න හෙට උනත්. මට පොඞ්ඩක් 40ට වැඩියි. ඒ වුණාට පිල්ලෙ නෝනට ශක්තියක් තියෙනව නම් මට මුහුණ දෙන්න මං හෙට උණත් ලෑස්තියි. මුස්ලිම්වරුන්ට පුළුවනි නම් හතරක් බඳින්න මං මොකද දෙකක් බැන්ඳහම වෙන්නෙ.

මං පිල්ලේ නෝනට කියන්නේ යන්න අපේ පෞඬ ඉතිහාසය බලන්න. සුද්දා ඇඳුම් අදින් නැති කාලේ ඇඳුම් ඇන්ද ජාතියක් මේ ශී‍්‍ර ලංකාවේ ජීවත් වෙන්නේ. අපි කි‍්‍රස්තු පූර්ව වල ඉඳලා ලෝකයත් එක්ක වෙළෙඳාම් කරපු ජාතියක්. අපේ ජාතිය ගැන අධ්‍යනයක් කරන්න යන්න අනුරාධපුරයට, රුහුණට, පොළොන්නරුවට. ඕවල් රයිට්, විල්බට් රයිට්ලට ඉස්සෙල්ලා දඩු මොණරයක් හැදුවේ අපි. ඒක පිල්ලේ නෝනට කියලා දෙන්න.

වසවිසෙන් තොර ගොවිතැනක් උදෙසා පුරාණ හෙළ රජවරුන් සිහිපත් කර පූජාවක්

වසවිසෙන් තොර ගොවිතැනක් වෙනුවෙන්, පුරාණයේ ශ්රී ලංකාවේ විසූ හෙළ රජවරුන් සිහිපත් කර පවත්වන ලද දුර්ලභ ගණයේ රාවන පූජාවක් පසුගියදා ගල්ගමුව, මහසෙන් පුරාණ පබ්බත විහාරයේදී පැවැත්විණි. පූජ්යැ පණ්ඩිත මානෑවේ විමලරතන මාහිමිපාණන් වහන්සේගේ මගපෙන්වීම මත, හෙළ දීපයේ අතීතයේ විසූ ශ්රේරෂ්ඨ මහා රාවන රජතුමා ප්රමමුඛ, මහසෙන්, දුටුගැමුණු ආදී හෙළ රජ පෙළපතේ රජවරුන්ගේ මතකයන් නැවත සිහිපත් කිරීමත්, ‍හෙළබිම ආරක්ෂා කරන දෙවි දේවතාවුන් වහන්සේලාට පින්දීමත්, මේ වනවිට රට තුළ මහත් ව්ය සනයක් ඇතිකරමින් තිබෙන වස විස සහිත බෝග වගාව තුරන් වී, නැවතත් පුරාණ රජවරුන් දැයට උරුම කළ හෙළ ගොවිතැනට පුනර්ජීවය ලැබීමටත් යන කරුණු මුල්කර ගනිමින් මෙම පූජාව පැවැත්විණි. 

වෙනත් පූජාවන් වල දැකිය නොහැකි පළතුරු පහන් පූජාව, එළවළු පහන් පූජාව, අග්නි පූජාව, දේව ප්රරථිමා කිරෙන් දෝවනය කිරීම, දේව ආභරණ උපහාරය, හෙළ වෙදකමට ගන්නා බෙහෙත් පූජාව, තැඹිලි පහන් ඇසුරෙන් පුරාණ හෙළ සංකේතයක් වූ ස්වස්ථිකය නිර්මාණය කිරීම ආදිය මෙම පූජාවේදී දක්නට ලැබුණු සුවිශේෂී ඉපැරණි හෙළ අංග අතර කැපීපෙනිනි.

ඕවල් පිටියේ මුත්‍රා කල එංගලන්ත ක්‍රීඩකයන්

අළුබඳුන තරගාවලියේ ජය සැමරුම් අතරතුරේදී සිය කණ්ඩායම් සාමාජිකයන් කිහිපදෙනෙකුම ඕවල් පිටියේ තණතීරුවේ මුත්‍රා කරන්නට ඇතැයි දඟපන්දු යවන ක්‍රීඩක ග්‍රැහැම් ස්වෝන් පවසා ඇත. ස්වෝන් මෙලෙස පවසා ඇතැයි බ්‍රිතාන්‍යයේ සන් පුවත්පතේ දැක්වේ.

 රාත්‍රී කාලයේදී ඕවල් පිටියේ පැවති සතුටු සාමිචියකදී එංගලන්ත ක්‍රීඩකයන් තිදෙනෙකු වන කෙවින් පීටර්සන්, ස්ටුවර්ට් බ්‍රෝඩ් හා ජේම්ස් ඇන්ඩර්සන් මෙලෙස ඕවල් පිටියේ තණතීරුවේ මුත්‍රා කරන අයුරු දුටු බවට මීට කලින් ඕස්ට්‍රේලියානු මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. 

 කණ්ඩායමේ සියළුදෙනාම තණතීරුව මැද්දට ගොස් බීර බී ගීත කිහිපයක් ගායනා කරමින් විනෝද වූ බවත්, සුළුදිය පහ කිරීමේ අවශ්‍යතාවය වරක් හෝ දෙවරක් පැමිණියද එහිදී කරදරකාරී හෝ ගැටළුකාරී දෙයක් සිදුනොවුන බවත් ඔහු පවසා තිබේ. මධ්‍යම රාත්‍රියේදී තණතීරුව මැද පැවැත්වුනු මෙම සතුටු සාමිචිය පවත්වන විට පිටිය දැඩි අන්ධකාරයේ පැවති බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මවක් දූෂණය කර නිවස කොල්ලකෑ යුද හමුදා සෙබලු

අනුරාධපුර, හොරොව්පතාන, නබඩවැව, පරංගියාවාඩිය ප්‍රදේශයේ පිහිටි නිවසකට කඩා වැදී නිවසේ සිටි දාහතර හැවිරිදි පාසල් සිසුවා අතපය බැඳ කාමරයකට දමා එම සිසුවාගේ මව දූෂණය කර නිවස කොල්ලකා පළා ගිය යුද හමුදා සෙබලු සිව් දෙනෙක් අද (27)අනුරාධපුර මහජන ක්‍රිඩාංගනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල්වරයක් සහ සාමාන්‍ය සෙබලු තුන් දෙනෙක් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. අනුරාධපුර, නොච්චියාගම, ළඳවැව පිහිටි ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අනුයුක්තව මොවුන් සේවය කරමින් සිට ඇත. දූෂණයට ලක්වූ කාන්තාවගේ සැමියාද හමුදා සේවයේ නිරතව සිටී. කාන්තාව මුදල් පොලියට ලබා දීමේ ව්‍යාපාරයක් පවත්වා ගෙන ගොස් තිබේ. 08.08.2013 දින රාත්‍රි 11.30 ට පමණ යතුරුපැදිවලින් එම නිවසට කඩා වැදුණු මෙම හමුදා කොල්ලකරුවන් හතර දෙනා නිවසේ ඉදිරිපස දොර කඩා ඇතුළු වී දරුවාගේ අතපය බැඳ කාමරයකට දමා වසා කාන්තාව හතර දෙනා විසින්ම දූෂණය කර ඇත.

 අනතුරුව රුපියල් තිස්පන්දහසක මුදලක්ද, කරාබු, මුදු, ජංගම දුරකතන දෙකක්, විදුලි පන්දමක්ද කොල්කා ගෙන පළාගොස් තිබේ. කොල්ලකන ලද ජංගම දුරකථන ඔස්සේ කෙරුණු විමර්ශනයකදී සැකකරුවන් සම්බන්ධයෙන් ලද හෝඩුවාවක් ඔස්සේ පරීක්ෂණ පවත්වා සැකකරුවන් කොටුකර ගන්නට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි. හමුදා සෙබලු මෙම කොල්ලයට ගොස් ඇත්තේ රාජකාරියේ නිරතව සිටියදී බව අනාවරණය වී තිබේ.

දෙවැනි දරුවා බලාපොරොත්තුවෙන් ලසිත් මාලිංග චැම්පියන්ස් ලීග් අතහරී

පුද්ගලික ෙහ්තුන් මත ලසිත් මාලිංග ඉන්දියාවේ පැවැත්වෙන චැම්පියන්ස් ලීග් තරගාවලියට සහභාගී නොවීමට තීරණය කර ඇත. එසේම ඔහු සිම්බාබ්වේහී පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සදහාද ශ්‍රී ලංකාව නියෝජනය නොවේ. ඔහු අදාළ සමයේදී ක්‍රීඩා නොකිරීමට ක්‍රීකට් ආයතනයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඊට ක්‍රීකට් ආයතනයේ අවසරය මේවනතෙක් හිමිව නැත. 
ඊට හේතුවී ඇත්තේ ජාතික ක්‍රිකට් ‍තේරීම් කමිටු සභාපතිවරයාවන සනත් ජයසූරිය හා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කලයුතුව ඇති හෙයින්. මේ දිනවල ක්‍රීඩකයන් රටින් බැහැරව සිටීම මෙන්ම සනත් ජයසූරියද රටින් බැහැරව සිටී. මාලිංග හා බිරිද ටාන්යා ඔවුන්ගේ දෙවැනි දරුවා බලාපොරොත්තුවෙන් පසුවීම මෙසේ ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටීමට හේතුව වී තිබේ. 
ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසන්නේ පුද්ගලික හේතුවක් වීම හේතුවෙන් මාලිංගගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කිසිදු හේතුවක් නොමැති බවයි. ලසිත් මාංලිග හට ඔහුගේ ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායම වන මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ අවසරය මේ සදහා හිමිව තිබෙනවා. 

Gossip Lanka Hot News Previous News Archive