රට හැර ගියා කියපු ,කොවිඩ් හැදුණු බැසිල් පාර්ලිමේන්තුවේ!
හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ කොවිඩ් 19 ආසාදනය වී රෝහල් ගත කර ඇති බවට මීට පෙර මාධ්‍ය ඔස්සේ වාර්තා පළ වුණා.
පාස්කු ප්‍රහාරය සිහිකර ගාලු මුවදොර දානයක් (PHOTOS)
පාස්කු ප්‍රහාරයෙන් මියගිය කතෝලික ජනතාවට සිහි කිරීම ඇතුළු මියගිය අය වෙනුවෙන් සාධරණය ඉල්ලා ගාලුමුවදොර පිටියට වැඩම කළ භික්ෂූන් වහන්සේලාට දහවල් දානය පිරීනැමීමට කතෝලික හා බෞද්ධ පිරිස් කටයුතු කළහ.
පාස්කු ප්‍රහාර සිදුවී අදට වසර තුනක් සපිරීම නිමිතිකර ගනිමින් එම ප්‍රහාරයේන් ජීවිතක්ෂයට පත්වූ සහෝදර කතෝලික ජනතාවට සිහිපත් කිරීමටත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් දින 13ක් තිස්සේ ගාලු මුවදොර පිටියේ සාමකාමී උද්ඝෝෂණයේ නිරතව සිටින බෞද්ධ හා කතෝලික පිරිස් මෙම පිංකම සංවිධානය කර තිබුණි.
රඹුක්කන විරෝධතාවයේදී එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට (VIDEO)
ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ඇතිවූ විරෝධතාවයක් හේතුවෙන් රඹුක්කන ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය මැඩ පැවැත්වීමට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
මෙම සිදුවීමෙන් තුවාල ලැබු පුද්ගලයින් 10 දෙනෙකු කෑගල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය මිහිරි ප්‍රියංගනී සඳහන් කර සිටියේ.
පොහොර මාරුවේදී මට වැරදුණා - ජනාධිපති
ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම වරදක් යැයි තමා දැන් සිතන හෙයින් ඒ පොහොර නැවත ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට මීට පෙර යෑමට තිබූ බව තමා විශ්වාස කරන්නේ යැයිද ජනාධිපතිවරයා කීවේය.
ජීවන වියදම දරා ගත නොහැකිව සිටින ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා පෝලිම්වල කාලය ගත කිරීමට සිදුවීමෙන් ඇතිවන වේදනාව අසහනය හා කෝපය ඉතාම සාධාරණ බවද ඔහු පැවසුවේය .
එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට මීට පෙර යෑමට තිබූ බව තමා විශ්වාස කරන්නේ යැයිද ජනාධිපතිවරයා කීවේය.
ජීවන වියදම දරා ගත නොහැකිව සිටින ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා පෝලිම්වල කාලය ගත කිරීමට සිදුවීමෙන් ඇතිවන වේදනාව අසහනය හා කෝපය ඉතාම සාධාරණ බවද ඔහු පැවසුවේය .
නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි
අමාත්‍යවරුන් 17 දෙනෙකුගෙන් සමන්විත නව කැබිනට් මණ්ඩලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පත් කර තිබේ.මහින්ද අගමැති හැර රෝහිත ජීඑල් ජොන්ස්ටන් හා රාජපක්ෂවරුන් කැබිනට්ටුවෙන් ඉවත් කර තිබේ.නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනා ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.
සමස්ත රෝහල් පද්ධතියම මේ සතියේ කඩාවැටේවි - GMOA
රෝගීන්ගේ ජීවිත ආරක්ෂාවට අවශ්‍ය ඔෟෂධ වර්ග ඇතුළු ඔෟෂධ ගණනාවක උග්‍ර හිඟයක් දිවයිනේ සියලුම රෝහල්වල පැවැතීම නිසා සමස්ත රෝහල් පද්ධතියම මෙම සතිය තුළ කඩාවැටීමේ අතිභයානක තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.
උද්ගත වී ඇති මෙම තත්ත්වය කොවිඩ් වසංගත අවධියට වඩා දරුණු වීම කිසිසේත්ම වැළැක්විය නොහැකි බවත් අත්‍යවශ්‍ය ඔෟෂධ වර්ග රෝහල් තුළ නොමැති වීම නිසා අනපේක්ෂිත අන්දමට රෝගී මරණ සංඛ්‍යාව ඉහළ යෑමේ අවදානමක් පවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පැවැසීය.
ආණ්ඩු පක්‍ෂයේ 40ක් විපක්‍ෂයේ වාඩි වෙන්න තීන්දු කරයි
පාර්ලිමේන්තුවේ ස්වාධීනව අසුන් ගැනීමට තීරණය කළ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු හතළිස් දෙනා හෙට සිට විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර එම තීරණය ලිඛිතව කථානායකවරයා වෙත අද (18දා) භාරදෙන බව එම කණ්ඩායමේ පක්ෂ නායකයෙක් සඳහන් කළේය.
එම කණ්ඩායමේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් පසුගියදා පවත්වා ඇති අතර එම රැස්වීමේදී මෙම තීරණයට එළැඹ ඇති බව වාර්තාවේ.







