බෙහෙත් වර්ග 525 ක ශල්‍ය ද්‍රව්‍ය 5376 ක තොග අවසන්


කොළඹ වෛද්‍ය සැපයීම් අංශයේ ඖෂධ වර්ග 525ක හා ශල්‍ය ද්‍රව්‍ය 5376ක තොග අවසන් වී ඇතැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න මහතා  පැවසීය.

වෛද්‍ය සැපයීම් අංශයේ ඖෂධ වර්ග 1358ක් තිබිය යුතු වුවත් ඉන් 525ක තොග නොමැති බවත් ඔහු කීවේය. තවද ශල්‍ය ද්‍රව්‍ය වර්ග 855 ක් තිබිය යුතු වුවත් ඉන් 5376ක තොග අවසන් වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය. මේ වන විට වෛද්‍ය සැපයීම් අංශයේ තිබිය යුතු ඖෂධ වර්ගවලින් සියයට 50ක තොග අවසන්වී ඇති බවද ඔහු පැවසීය.

රඹුක්කන යකානැටූ පොලිසියට චෝදනා පත්‍රයක්…


පොලිසියේ 7 ක් යතුරු පැදිවලටත් පහරදීලා 

රඹුක්කන නගරයේ පැවති උද්ඝෝෂණයකදී තරුණයකු වෙඩි වැදී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, පොලිස් අධිකාරිවරයා, රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකගෙන් විමර්ශන කණ්ඩායම් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අරලියගහ මැදුර ඉදිරිපිට සුදු කොඩි ගසා මල්වඩම් සිටවයි (වීඩියෝ)


රඹුක්කන නගරයේ පැවැති ආණ්ඩු එරෙහි විරෝධයෙන් මියගිය චමින්ද ලක්ෂා වෙන්නුවෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට හඬ නගමින් ගෝල් ෆේස් හි විරෝධයේ නිරත විරෝධතාකරුවන් විසින් අද (23) ඡායා අවමංගල්‍ය පෙරහැරක් හා අවමංගල්‍ය උත්සවයක් පවත්වන ලදී.

කුරුසියක් කර තබාගෙන ජෙහාන් ගාලු මුවදොරට


පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා මීගමුව කටුවාපිටියේ සිට ගාලු මුවදොර විරෝධතා භූමිය දක්වා කුරුසියක් කර තබාගෙන පා ගමනින් පැමිණෙන රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි මහතා  ගාලු මුවදොර පිටියට අද (22) පැමිණියේය.

ඔහු මීට දින කිහිපයකට ඉහතදී කටුවාපිටිය දේවස්ථානයට ගොස් ආශීර්වාද ලබාගෙන සිය ගමන ආරම්භ කළේය.

“ඉතියෝපියාවේ ගෑස් දෙන්නේ සතියට දවසයි” Bandula Gunawardana


අද වනවිට ලෝකයේ රටවල් රැසක් සිය වැඩිම උද්දමන අනුපාතය වාර්තා කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගූණවර්ධන මහතා පවසනවා. අද පාර්ලිමේන්තු සභාව අමතමින් ඔහු කියා සිටියේ ඉතියෝපියාව වැනි රටවල ගෑස් සහ ඉන්ධන නිකුත් කරන්නේ සතියට දවසක් හෝ දෙකක් පමණක් බවයි. ලොවපුරා රටවල් මුහුණ පා ඇති උද්දමන අනුපාතයට ශ්‍රී ලංකාවද මේ වනවිට මුහුණ දෙන බවයි බන්දුල ගූණවර්ධන මහතා එහිදී කියා සිටියේ.

“Gota Go Home කියන එක වහා ම නතර කරන්න”: ගීතා කියයි

“Gota Go Home කියන එක වහා ම නතර කර ගන්න,” යනුවෙන් ඊයේ (අප්‍රේල් 21) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවා ය.

ඇය සඳහන් කළේ, කාලය පැමිණෙන විට ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉවත් වනු ඇති බව ය.

ඔහු ධූරයෙන් ගිය පසුව ඡන්දයක් පවත් වන ලෙස ත් පසුව ජය පරාජය කාට ද යන්න පිළිබඳව තීන්දු කර ගත හැකි බව ත් ඇය පැවසුවා ය.

රට හැර ගියා කියපු ,කොවිඩ් හැදුණු බැසිල් පාර්ලිමේන්තුවේ!


හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ කොවිඩ් 19 ආසාදනය වී රෝහල් ගත කර ඇති බවට මීට පෙර මාධ්‍ය ඔස්සේ වාර්තා පළ වුණා.

පාස්කු ප්‍රහාරය සිහිකර ගාලු මුවදොර දානයක් (PHOTOS)


පාස්කු ප්‍රහාරයෙන් මියගිය කතෝලික ජනතාවට සිහි කිරීම ඇතුළු මියගිය අය වෙනුවෙන් සාධරණය ඉල්ලා ගාලුමුවදොර පිටියට වැඩම කළ භික්ෂූන් වහන්සේලාට දහවල් දානය පිරීනැමීමට කතෝලික හා බෞද්ධ පිරිස් කටයුතු කළහ.

පාස්කු  ප්‍රහාර සිදුවී අදට වසර තුනක් සපිරීම නිමිතිකර ගනිමින් එම ප්‍රහාරයේන් ජීවිතක්ෂයට පත්වූ සහෝදර කතෝලික ජනතාවට සිහිපත් කිරීමටත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින්  දින 13ක් තිස්සේ ගාලු මුවදොර පිටියේ සාමකාමී උද්ඝෝෂණයේ නිරතව සිටින බෞද්ධ හා කතෝලික පිරිස් මෙම පිංකම සංවිධානය කර තිබුණි.

ඉන්දීය - ශ්‍රී ලංකා විදුලි පද්ධති සම්බන්ධ කිරීමට සැලැස්මක්


දෙරට අතර විදුලි සම්ප්‍රේෂණ ජාල සම්බන්ධ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සහ ඉන්දීය බලධාරීන් සාකච්ඡා ආරම්භ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ එමගින් දිවයිනට ඇති චීන බලපෑම් අඩුකිරීමට ඉන්දියාවට අවස්ථාවක් ලැබෙන බවය.

රඹුක්කන විරෝධතාවයේදී එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට (VIDEO)


ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ඇතිවූ විරෝධතාවයක් හේතුවෙන් රඹුක්කන ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය මැඩ පැවැත්වීමට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම සිදුවීමෙන් තුවාල ලැබු පුද්ගලයින් 10 දෙනෙකු කෑගල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය මිහිරි ප්‍රියංගනී සඳහන් කර සිටියේ.

Gossip Lanka Hot News Previous News Archive