බුදුන් වහනසේගේ පාත්‍ර ධාතුව කාබුල් නුවර කෞතුකාගාරයේ ඇති බවත්, එය ඉන්දියාවට අයත් හෙයින් යලිත් එය වෛශාලි නුවරට රැගෙන ඒමට කටයුතු කල යුතු බවත් රශ්ට්‍රීය ජනතා දාල් මන්ත්‍රී රගුවන්ෂ් ප්‍රසාද් සිංග් ඉන්දීය පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළේය.වසර දහසකට පෙර ඉන්දියාවෙන් පිටතට ගෙන ගිය බව පවසන මෙම කෞතුක වස්තුව බුදුන් වහන්සේ පරිනිර්වාණයට නික්ම යාමට පෙර වෛශාලි පුරවරයේ උපාසික උපාසිකාවන් වෙත පරිත්‍යාග කළ බව මන්ත්‍රීවරයා පවසයි.මේ පාත්‍රය බුදුන් වහන්සේ පිඬු සිඟා යාමට භාවිතා කල බවක් විශ්වාශ කල හැකිදැයි කාබුල් කෞතුකාගරයේ අධ්‍යක්ෂ ඕමාර් ඛාන් මෙසේ සඳහන් කරයි.
‘මේ පාත්‍රය හදල තියෙන්නේ කළු ගලෙන්. පැරණි කන්දහාර් නගරයේ තිබිල තමයි, මේක කාබුල් නුවරට අරගෙන ආවේ’
ප්‍රංශයේ සොබෝන් සරසවියේ මධ්‍යම ආසියාවේ කලාව හා පුරා විද්‍යාව පිලිබඳ මහාචාර්ය ඔස්මන්ඩ් බෝපෙආරච්චි පවසන්නේ මෙය කණිෂ්ක රජ සමයේ නිර්මාණය කරන ලද කෞතුක වස්තුවක් බවයි.පාත්‍රය ඉල්ලා ඉන්දියාව ගෙන යන ව්‍යාපාරය තුල මෙය බුදුන් පරිහරණය කල ධාතුවක් ලෙස සැලකුවත්, බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් කිහිපයකට පසුව මෙම කළුගල් පාත්‍රය නිම වෙන්නට ඇති බවයි මහාචාර්ය ඔස්මන්ඩ් බෝපෙආරච්චි ප්‍රකාශ කරයි.







