‘පැරදුනා ඇති’ පා ගමන නැවතත් - මෛත‍්‍රී ගුණරත්න

රනිල් වික‍්‍රමසිංහ මහතාට පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙස බල කරමින් ආරම්භ කරනු ලැබු සටන රනිල්ට හෝ මංගලට නතර කිරීමට නොහැකි බවත් පක්ෂයේ පවත්නා ගැටලූවට රනිල් ඉවත්වී විසඳුමක් ලබා නොදුනහොත් ‘පැරදුනා ඇති’ පා ගමන නැවතත් ආරම්භ කරන බවත් දකුණු පළාත් සභා මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න මහතා පැවසීය. 

ගාල්ල කතළුව ජාතික පවුර සම්බන්ධිකරණ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය. මෛත‍්‍රී ගුණරත්න මහතා මෙසේද පැවසීය. ‘අපේ සටන මංගල සමරවීරටවත් රනිල් වික‍්‍රමසිංහටවත් නතර කරන්න බැහැ. 

කවුරු නවත්තන්න ආවත් අපි මේක නවත්තන්නේ නැහැ. මේ ප‍්‍රශ්නයට විසදුමක් නැත්නම් අපි පැරදුන් ඇති පා ගමන නිශ්චිතවම ආරම්භ කරනවා. ලොකුම බොරුව තමයි මංගල සමරවීර දේශපාලන හිරකාරයෙක් කියලා කියනවා. 

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට අනුග‍්‍රාහකයන් කොන්දේසි මාලාවක් දමති

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ඉදිරි පෙළ අනුග‍්‍රාහක සමාගමක් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති කොන්දේසි මාලාවක් නිසා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය මේ වන විට උභතෝකෝටිකයකට මුහුණ දී සිටින බව වාර්තාවේ.

එකිනෙකා හා නොනවතින තරගයක නිරතව සිටින දිවයිනේ ප‍්‍රධානතම ව්‍යාපාරික ආයතන දෙකක් සමග ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අවස්ථා දෙකකදී ඇතිකරගන්නා ලද ගිවිසුම් හේතුවෙන් මෙවන් තත්ත්වයක් උද්ගතවී ඇතැයිද කියැවේ. 

එක් ගිවිසුමක් මේ වන විට අවලංගු වී ඇතත් ඔවුන්ගේ සේවා දායකත්වය තවදුරටත් ලබාගැනීම හේතුවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ වත්මන් අනුග‍්‍රාහකයෝ බලවත්සේ නොසතුටට පත්ව සිටිති. එබැවින් පැරණි අනුග‍්‍රාහකයන්ගෙන් අදාළ සේවාවන් ලබාගැනීම වහාම නතර කරන ලෙසත් ඒ වෙනුවට නව සේවාවන් සැපයීමට තමන් සූදානම් බවත් වත්මන් අනුග‍්‍රාහක සමාගම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම්දී තිබේ.

මයිකල් ක්ලාක් ජේම්ස් පැකර් හා අත්වැල් බැඳගනියි

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් එරට සුප්‍රකට කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර්ගේ ක්‍රවුන් රිසොට් සමාගමේ අධ්‍යාපන තානාපතිවරයා ලෙස අද (21) ගිවිසුමකට එළඹ තිබේ. 

ජේම්ස් පැකර් ඩොලර් මිලියන 400ක වියදමින් ශ්‍රී ලංකාවේ කාමර 450ක හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමට සුදානම් වන අතර එහි කැසිනෝ ව්‍යාප්ත කිරීමට අපේක්ෂාවෙන් සිටියි. මයිකල් ක්ලාක් ජේම්ස් පැකර්ගේ ක්‍රවුන් රිසොට් ආයතනයේ අධ්‍යාපන තානාපතිවරයා ලෙස ගිවිසුමකට එළඹීම ඔහු ලංකාව හා සිදුකිරීමට නියමිත ගනුදෙනුව සඳහා ගනු ලැබූ මූලාරම්භයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ඔස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් පෙනී සිටි වීඩියෝවක්  www.crownsrilanka.com යන වෙබ් අඩවියට අද මුදා හැර ඇත. මයිකල් ක්ලාක් පවසන්නේ ජේම්ස් පැකර්ගේ ක්‍රවුන් රිසොට් සමාගම පළමු පෙළේ ව්‍යාපාරික සමාගමක් බවය. 

විශ්මිත සැත්කම්වලින් එලොව සිට මෙලොවට ගෙනා දරුවෝ

මේ වන විට ඒ දුවත් පුතාත් ඉතා හො`ද සෞඛ්‍ය තත්ත්වයෙන් මව්පියන්ට මේ ලෝකයේ ඇති වටිනාම සම්පත වන්නේ තමන්ගේ දරුවන්ය. දෙමව්පියෝ ස්‌වකීය දරු පැටව් වෙනුවෙන් ජීවත් වෙති. එහෙත් දරුපැටවුන් කෙරෙහි වන අවධානය ගිලිහී යන එක මොහොතකින් ඔවුහු අනතුරට පත්වෙති. මෙවැනි අනතුරු අපට නිති පතාම අසන්නට ලැබෙන්නේය.

මෙවැනි අනතුරු නිසා නොදරුවෝ ගණනක්‌ දිනපතාම මාරාන්තික තත්ත්වවලට මුහුණ දෙන්නෝය. ඉන් සමහරෙක්‌ මිය යන්නේය. පුංචි දියණියකට සිදුවූ එවැනි අනතුරක්‌ ගැන පසුගිය සතියේ රටම කතා වුණේය. ඒ කතිකාව ඇතිවන්නේ හදිසි අනතුරක්‌ නිසා මාරාන්තික තුවාළ ලද මේ ළදැරිය විශ්මිත සැත්කමකින් සුව කිරීම නිසාය. අනතුර සිදුවන්නේ මේ ළදැරිය නිවසේ තිබූ පිහියක්‌ රැගෙන දුවපැන යමින් සිටියදීය.

පය පැකිලී ඇදවැටෙන දැරියගේ දකුණු ඇස්‌ කුහරයෙන් ඇනෙන පිහි තුඩ ඇසට ඇතුළු වී මොළය තෙක්‌ කිඳා බැස්‌සේය. මේ දරු පැටියා කරාපිටිය ශික්‍ෂණ රෝහලට රැගෙන ආවේ ඇය ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටියදීය.

ඇමරිකාව ණය බර බිලියන 328 කින් ඉහළට

පසුගිය සතියේදී ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා සහ කොංග‍්‍රස් මණ්ඩලය අතර ඇති කරගත් එකගතාවයෙන් පසු ෆෙඩරල් රජය වෙත ණය ලබාගත හැකි පළමු දිනයේදීම ඇමරිකානු රාජ්‍ය ණය ප‍්‍රමාණය ඩොලර් බිලියන 328කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. 

මෙය වාර්තාගත ඉහළයාමක් ලෙස දැක්වෙන අතර මින් දෙවසරකට පෙර වාර්තාවූ ඩොලර් බිලියන 238 ඉක්මවා යාමකි. මේ අනුව ඇමරිකානු ණය බර ඩොලර් ටි‍්‍රලියන 17 සීමාව ඉක්මවා ඇති අතර එය මේ වන විට ඩොලර් ටි‍්‍රලියන 17.075කි. 

මේ ක්‍ෂණික නැග්මට හේතුවී ඇත්තේ පසුගිය මාස 5 තුළ උපරිම ණය සීමාවට එළඹීම වැළැක්වීම සඳහා රජය විසින් ලබාගත් වෙනත් ණය ප‍්‍රමාණයන් ගෙවිය යුතු වීම බව පැවසේ. පසුගිය මැයි මසදී ඔබාමා සහ කොංග‍්‍රස් මණ්ඩලය තීරණයක් ගන්නා තුරු වෙනත් අරමුදල් වලින් ඩොලර් බිලියන 400ක් ණයට ගැනීමට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ක‍්‍රියාකළ අතර පවතින නීතියට අනුව නව ණය සීමාවකට එළඹි විටම එවැනි ණය මුදල් ගෙවා දැමිය යුතුවේ. 

මංගල සමරවීරට එජාප ජාතික සංවිධායක තනතුර

පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස පත් කිරීම පිළිබඳව එම පක්‍ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා පැවැත්වෙමින් ඇත්තේ යයි වාර්තා වේ. 

මෙම නව යෝජනාව මීළඟ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි. 

 දැනට එජාප ජාතික සංවිධායකවරයා ලෙස කටයුතු කරන නැගෙනහිර පළාත් සභා මන්තී‍්‍ර දයා ගමගේ මහතා සිය ධූරයෙන් ඉවත් වීමට කැමැත්ත පල කර ඇත. 

පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුවට ඉන්දීය අගමැති මන්මෝහන් නෑ

ලංකාවේ පැවැත්වෙන ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවන ලෙස ඉන්දියාවේ සිටින විරෝධතාකරුවන්ගෙන් එල්ල වන බාධාවන් හමුවේ ඉන්දීය අගමැති මන් මෝහන් සිං සමුළුවට සහභාගි නොවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

ඉන්දීය අගමැතිවරයා වෙනුවට උප ජනාධිපති හමීඩ් අන්සාරි සහ විදේශ කටයුතු අමාත්‍ය සල්මන් කෘෂ්ඩි ඇතුළු නියෝජිතයින් කණ්ඩායමක් සහභාගි වනු ඇතැයි ද ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත අනාවරණය කරයි. ඉන්දීය අගමැතිවරයා ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවනු ඇති බවට වන ඇඟවීම් රැසක් මේ වන විට කර ඇති බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

ලංකාවේ පැවැත්වෙන ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවන ලෙස ඉන්දීය දෙමළ ජාතික විමුක්ති සංවිධානයේ ‍ලේකම් ත්‍යාග විසින් උපවාසයක්ද ආරම්භ කර තිබුණි. දින දාහතරක් පුරා උපවාසයේ යෙදීම නිසා ඔහුගේ තත්ත්වය අසාධ්‍ය වී තිබුණි. 

එජාප පාක්‍ෂිකයින්ට සාධාරණය ඉටුකරනවා -සජිත් පේ‍්‍රමදාස

ඉකුත් සමයේ විවිධ බලපෑම්වලට ලක්වු එක්සත් ජාතික පාක්‍ෂිකයින්ට සාධාරණයක් ඉටුකිරීමට ද අපේක්‍ෂා කරන බව සජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කළේය. 

'නෙත්' ගුවන් විදුලිය සමග පැවති සාකච්ඡාවකදී ඔහු එබව පැවසිය. එක්සත් ජාතික පක්‍ෂය ජයග‍්‍රාහී මාවතකට රැගෙන යාම සඳහා ආරම්භ කළ සාකච්ඡාවල සාර්ථක ප‍්‍රගතියක් ඉදිරි සතියේදී අපේක්‍ෂා කරන බවත්, සංඝරත්නය විසින් ලබාදුන් යෝජනා සහ පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනා පිළිබඳවද තවදුරටත් සාකච්ඡා කරන බවත් ඔහු නෙත් නිවුස් වෙත කියා සිටියේය.

 '' මේවනවිට ගෞරවනීය අතිපුජනිය මහ සංඝරත්නයේ අවවාද අනුසාසනා පරිදි, අට වැදෑරුම් වැඩසටහනක් මමත්, කරු ජයසුරිය මැතිතුමාත්, ගෞරවනීය මහ සංඝ රත්නයත් ඒකමතිකව අනුමත කරලා, රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඉදිරිපත් කරලා තියනවා. 

Gossip Lanka Hot News Previous News Archive