රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙස බල කරමින් ආරම්භ කරනු ලැබු සටන රනිල්ට හෝ මංගලට නතර කිරීමට නොහැකි බවත් පක්ෂයේ පවත්නා ගැටලූවට රනිල් ඉවත්වී විසඳුමක් ලබා නොදුනහොත් ‘පැරදුනා ඇති’ පා ගමන නැවතත් ආරම්භ කරන බවත් දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය.
ගාල්ල කතළුව ජාතික පවුර සම්බන්ධිකරණ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.
මෛත්‍රී ගුණරත්න මහතා මෙසේද පැවසීය.
‘අපේ සටන මංගල සමරවීරටවත් රනිල් වික්රමසිංහටවත් නතර කරන්න බැහැ.
කවුරු නවත්තන්න ආවත් අපි මේක නවත්තන්නේ නැහැ. මේ ප්‍රශ්නයට විසදුමක් නැත්නම් අපි පැරදුන් ඇති පා ගමන නිශ්චිතවම ආරම්භ කරනවා.
ලොකුම බොරුව තමයි මංගල සමරවීර දේශපාලන හිරකාරයෙක් කියලා කියනවා.







