ඩයනාගේ මන්ත්‍රීධුරය අහෝසියි

සමගි ජන බල පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්වූ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දැරිය නොහැකි බවට ත්‍රිපුද්ගල ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලය අද තීන්දුව ප්‍රකාශයට පත්කරමින් නියෝග කළේය.ද්විත්ව පුරවැසිභාවය සහිත අයෙකුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරය දැරිය නොහැකි බවට චෝදනා කරමින් ගොනුකර තිබූ පෙත්සම් විභාගයක තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මෙම නියෝගය නිකුත් කළහ.


රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ගම්‍ය වෙයි.

වීසා නිකුත් කිරීම ඉන්දීය සමාගමකට දීමෙන් මහ අවුලක් වෙලා

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ මෙතෙක් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සිදු කළ වීසා නිකුත් කිරීම (On Arrivel Visa ) පෙරේදා (2) දින සිට එහි කටයුතු ඉන්දීය පෞද්ගලික සමාගමකට පවරා තිබූ අතර , ඔවුන් එම කටයුතු ආරම්භ කර පැය කීපයක් තුළ ගුවන් තොටුපොළ තුළ දිගු පෝලිම් ඇති වී විදේශීය සංචාරකයන් කළහකාරී ලෙස හැසිරීමට පටන් ගැනීමත් සමග එම ඉන්දීය සමාගම වීසා නිකුත් කිරීමේ කටයුතුවලින් තාවකාලිකව ඉවත් කිරීමට ආගමන විගමන පාළක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පියවර ගත්තේය.

මින් ඉදිරියට දරුවන්ට ශාරීරික දඬුවම් නීතියෙන් වරදක්

දරුවන්ට පහරදීම් ඇතුළු ශාරිරික දඬුවම් පැමිණවීම තහනම් කිරීම සඳහා වන දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව මින් ඉදිරියට වැඩිහිටියෙකු හෝ ගුරුවරයෙකු දරුවෙකුට ශාරිරික දඬුවම් කරන්නේ නම් එය වරදක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

පෑලියගොඩ අවටින් ඇල්ලූ වීදි ගණිකාවන් 25ටම සමාජ රෝග

පෑලියගොඩ පොලිස් වසමේ දින කිහිපයක් තුළ සිදුකළ වැටලීම්වලින් පොලිසිය භාරයට ගත් වීදි ගණිකාවන් විසි පස් දෙනකු සමාජ රෝගවලට ගොදුරු වී ඇතැයි වෛද්‍ය පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

මෙම කාන්තාවන් පෑලියගොඩ මධ්‍යම වෙළෙඳ සංකීර්ණය, මත්ස්‍ය වෙළෙඳපොළ, පට්ටිය හංදිය, වෙදමුල්ල ඇතුළු ප්‍රදේශවලදී පෑලියගොඩ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අවලෝකිතේෂ්වර බෝධි සත්ත්වයා රිමාන්ඩ්

අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට නිගාවන ආකාරයේ දේශන පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් මහින්ද කොඩිතුවක්කු නැමැත්තා එළඹෙන 24වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

සැකකරු අද (16) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.

සැකකරු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පන්නිපිටියේදී ඊයේ (15) අත්අඩංගුවට ගනු ලැබීය.

පුත්තලම නෙඩුම්කලම්හි කපුටන් හදිසියෙ මිය යයි


පුත්තලම නෙඩුම්කුලම් ප්‍රදේශයේ ස්ථාන කිපයක  විශාල ලෙස කපුටන් (7 ) දින මිය ගොස් ඇති බව ජනතාව පවසති.

මෙසේ 100 කට ආසන්න කපුටන් නෙඩුම්කුලම් ප්‍රදේශ ස්ථාන කිපයක මිය ගොස් තිබු බව ප්‍රදේශවාසින් පවසයි.

මෙසේ මරණයට පත්වු කපුටන් රංචු ආසන්නයෙ අහසේ කපුටන් විශාල ලෙස පියාඹින් සිටින අයුරුද දැක ගත හැකි විනි.

නතාෂා - බෘෘනෝ බුදුන්ට අපහාස කළැයි පිරිසක් පාරට බසිති

බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් නිකුත්  කළැයි කියන සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ජයනි නතාශා එදිරිසූරිය සහ  ඇයට ආධාර අනුබල දුන්නැයි කියන බෲනෝ දිවාකර අද දින අධිකරණයට ඉදිරිපත් කළ අවස්තාවේ ඊට සමගාමීව අධිකරණය අසළ පිරිසක් සංවිධානාත්මකව විරෝධය දක්වා තිබුණි.

මුදල් කාරක සභාවේ සභාපති ධූරය හර්ෂට


සමගි ජන බලවේගයේ  මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා  රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  සභාපති ධූරයට අද (7) පත් කරනු ලැබීය.

හර්ෂ ද සිල්වා මහතා එම තනතුරට පත් කරන්නැයි ඒ  කමිටුවට  යෝජනා කරනු ලැබූවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

ඒ අනුව එම යෝජනාවට  කාරක සභාවට  සහභාගි වූ සියලු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය පළවිය.

හොරෙන් රත්‍රං ගෙනා මන්ත්‍රී යළි ඩුබායි ගිහින් එයි

රුපියල් කෝටි 08කට අධික වටිනාකමෙන් යුත් රත්‍රං සහ ජංගම දුරකථන සමඟ අත්අඩංගුවට පත්ව දඩ මුදල් ගෙවීමෙන් පසු නිදහස ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් නැවත ඩුබායි රාජ්‍යය වෙත ගොස් ඊයේ (28) අලුයම කටුනායක ගුවන් තොටුපළේ VIP පර්යන්තය හරහා මෙරටට පැමිණ ඇත.

ඊයේ (28) අලුයම මෙම මන්ත්‍රීවරයා දිවයිනට එද්දී ඔහු දැඩි පරීක්‍ෂාවට ලක් කිරීමට රේගු බලධාරීන් කටයුතු කර ඇති අතර තහනම් භාණ්ඩ කිසිවක් ඔහු සතුව තිබී ඇතැයි අනාවරණය වී නැත.

විදේශගත ලාංකිකයින්ට විදේශ ගමන් බලපත්‍රය ගැන අලුත් තොරතුරක්

විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී ජූනි මස 01 වැනිදා සිට අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකිය
 
මේ බව ප්‍රකාශ කෙරුණේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදී ය.
 

බුදු දහමට අපහාස කළ නතාෂා 7දා දක්වා රිමාන්ඩ්


“මෝඩාභිමානය " නමැති ප්‍රහසන වැඩසටහනකදී බෞද්ධ ආගමට අපහාස වන ආකාරයෙන් අදහස් දැක්වූ බව කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ජයනි නතාෂා එදිරිසූරිය ජුනි 7 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (28) නියෝග කළේය.

ජයනි නතාෂා එදිරිසූරිය යන සැකකාරිය කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ නිල නිවෙසට ඊයේ (28) රාත්‍රියේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ නියෝගය ලබා දුන්නේය.

සුමති සම්මාන දිනූවන් ලැයිස්තුව - Sumathi Teledrama Awards 2023


අද (9) වෝටර්ස් ඒජ් හිදී පවත්වන්නට යෙදුණ සුමති ටෙලි සම්මාන 2020- හා 2021 උළෙලේදී ඒ ඒ වර්ෂ දෙක සඳහා රූපවාහිනී ටෙලි නාට්‍ය සම්මාන වැඩසටහන් සම්මාන හා විශේෂ ත්‍යාග පිරිනැමීම් සිදුවිය.
මෙවර ජනප්‍රියම නිළිය ලෙස දුෂේනි මියුරංගිත් ජනප්‍රියම නළුවා ලෙස උද්දික ප්‍රේමරත්නත් සම්මාන ලද අතර 2021 හොඳම නිළිය ලෙස උමාලි තිලකරත්නත් 2020 හොඳම නිළිය ලෙස උදාරි වර්ණකුලසූරියත් සම්මාන ලබාගන්නා ලදි. 2021 හොඳම නළුවා තුසිත් ලක්නාත් වූ අතර 2020 හොඳම නළුවා දසුන් පතිරණ විය.

සනුක - වින්ඩි යුගදිවියට (PHOTOS)


නව පරපුරේ ගායක යුවළක් වන සනුක වික්‍රමසිංහ සහ වින්ඩි ගුණතිලක ඊයේ (26දා) කෝට්ටේ ජයවර්ධනපුර පිහිටි මොනාර්ච් ඉම්පීරියල් හෝටලයේදී යුග දිවියට එළඹුණහ.

ළඟ තබා ගත හැකි උපරිමය ඩොලර් 10,000යි


රැස් කර තබා ගත හැකි ඩොලර් 15,000 සීමාව ඩොලර් 10,000 දක්වා අඩු කිරීමට අදාළ නව නීති හඳුන්වා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව සැරසෙයි.

අරගලයට පහරදීම වළක්වන්න හැදුවත් ලොක්කන් බාධා කළා


දේශබන්දුගෙන් මානව හිමිකම් කොමිසමට ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ගාලුමුවදොර අරගලයට ප්‍රහාර එල්ල කිරීම වළක්වා ගැනීමට තමන් සකස් කර තිබූ විශේෂ ආරක්‍ෂක සැලසුම ක්‍රියාත්මක කිරීමට ආරක්‍ෂක අංශයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු දැඩි බලපෑම් කළ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මානව හිමිකම් කොමිසම හමුවේ කටඋත්තර ලබාදෙමින් ප්‍රකාශ කර ඇත.

ජොන්ස්ටන්, සනත් නිශාන්ත, දේශබන්දු ඇතුලු 22 ක් අත්අඩංගුවට ගන්න නියෝග


සාමාකාමී උද්ඝෝෂකයින් සිටි මයිනා ගෝ ගමට සහ ගෝඨා ගෝ ගමට පහර දීමේ සිද්ධීන් වලට සම්බන්ධ හිටපු ඇමතිවරු ඇතුළු 22 දෙදෙනකු වහාම අත්අංඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයා පොලිස්පතිවරයාට සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද ලිඛිතව උපදෙස් දී ඇත.

අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතා කළ කතාව

🔺ඉදිරි මාස කිහිපය දුෂ්කරයි
🔺මේ වනවිට පෙට්‍රල් ඇත්තේ දිනකට පමණයි
🔺අලුත් අයවැයකින් නව වැඩපිළිවෙළක්
🔺ශ්‍රීලංකන් ගුවන් සේවය පෞද්ගලිකකරණය කිරීමට යෝජනා
🔺මාගේ අරමුණ සහ කැපවීම පුද්ගලයෙක්, පවුලක් හෝ කණ්ඩායමක් බේරා ගැනීමට නොවේ මුළු රටම බේරා ගැනීමටයි.- අගමැති

රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා  සිදුකළ විශේෂ ප්‍රකාශය පහතින්.

ශ්‍රීලනිප සහය රනිල්ට ලැබේ


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කර තිබෙන අතර එහි දැක්වෙන්නේ නව රජයක් පිහිටුවීම සඳහා තම පක්ෂය සහය ලබාදෙන බවයි.

ඇමැති නිවාස වලට ගිනි තැබූ පිරිසක් අත්අඩංගුවට


හිටපු ඇමැතිවරුන් වන එස් එහි චන්ද්‍රසේන, දුමින්ද දිසානායක සහ මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන්ගේ අනුරාධපුරයේ පිහිටා ඇති නිවාස වලට ගිනි තැබීම සම්බන්ධයෙන් හිමි නමක්, ව්‍යාපාරිකයෙක් ඇතුළු සිව් දෙනෙක් සැක පිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.මොවුන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පවසයි.

ජනපති ඉවත් වෙන්නේ නෑ - අගමැති


ශ්‍රී ලංකා ආර්ථිකය යහපත් තත්ත්වයට ඒමට පෙර එය නරක තත්ත්වයට පත්වෙනු ඇතැයි නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.එසේම විරෝධතාකරුවන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉවත් වෙන ලෙස සඳහන් කළත් එය සිදු නොවන බවත් ඔහු පැවැසීය

Gossip Lanka Hot News Previous News Archive