රජයේ බැංකු ණය වැඩිවෙද්දී, පුද්ගලික ණය පහළට

මෙරට ක්‍රියාත්මක වාණිජ බැංකු විසින් පසුගිය දෙසැම්බර් මාසයේදී පුද්ගලික අංශයට ලබාදුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 9.9 ක් දක්වා අඩුවන විට රජය විසින් එම මාසයේදී බැංකු වලින් ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 21.6 කින් ඉහළ නගී.
 එනම්, 2012 නොවැම්බර් මාසයේදී මෙම බැංකු විසින් මෙරට පුද්ගලික අංශයට රුපියල් බිලියන 24.1 ක ණය ලබාදී තිබුණු අතර රාජ්‍ය අංශයට ලබාදී තිබුණේ රුපියල් බිලියන 18.8 ක ණය ප්‍රමාණයකුයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වන්නේ පසුගිය දෙසැම්බර් මාසය වනවිට පුද්ගලික අංශය ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,358.4 ක් දක්වා ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 17.6 කින් වර්ධනය වී තිබෙන බවයි.

නාගරික අවම මාසික වියදම පනස්දහස පැනලා

පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට මේ වසරේ ජනවාරි මාසය දක්වා කාලයේදී ශ‍්‍රී ලංකාවේ නාගරික වියදම් දර්ශකයේ අගය 20%කින් ඉහළ ගොස් ඇත. ආහාරවල මිල ඉහළ යාම, ඉන්ධන සහ විදුලිය ගාස්තු ඉහළ යෑම, සන්නිවේදන සහ ප‍්‍රවාහන ගාස්තු ඉහළ යාම නිසා මෙලෙස අදාළ දර්ශකයේ ශීඝ‍්‍ර ඉහළ යෑමක් පෙන්නුම් කරන බවද පැවසේ. 
මෙරට නාගරික ජනතාවගේ අවම මාසික වියදම රුපියල් 50,000 දක්වා ඉහළ ගොස් ඇති බවද එම වාර්තා වේ දැක්වේ. උද්ධමනය ඉහළ යාම පාලනය කිරීමට මහ බැංකුව අපොහොසත් වීම, නිවැරැදි මූල්‍ය කළමනාකරණයක් නොමැති වීම සහ දැඩි ණය බර නිසා බදු ආදායම ඉහළ නංවා ගැනීමට සිදු වීමද මේ තත්ත්වයට හේතුවී ඇති බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ යම් දිශා වෙනස්‌ වීමක්‌ සිදු වෙනවා - Ajith Nivard Cabraal

ගිය වසර (2012) ආරම්භයේදී ශ්‍රී ලංකා ආර්ථිකයට මුහුණදීමට සිදු වූ වෙළෙඳ හිඟය ඉහළයැම සහ රුපියලේ අගය පිරිහීම ඇතුළු විදේශ අංශයේ නොසන්සුන්තාවන් සමනය කර ගැනීම සඳහා රජයත් ශ්‍රී ලංකා මහ බැංකුවත් විසින් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සමූහයක්‌ ක්‍රියාත්මක කරන ලදී. ඒවායේ ප්‍රතිඵලයක්‌ ලෙස එම ගැටලු වසර අග වන විට බොහෝදුරට සමනය වී තිබුණත් මුලින් අපේක්‍ෂා කළ සියයට 8 ක ආර්ථික වර්ධන වේගය සියයට 6.5 දක්‌වා අඩුවිය. 

එහෙත් මේ වසරේ (2013) දී නැවතත් ආර්ථිකය සියයට 7.5 ක වර්ධනයකට ගමන් කරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.  පහතින් පලවන්නේ මේ වසරේ ආර්ථික ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙන්ම පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ප්‍රකාශ කළ කරුණු ගැන  මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග ''දිවයින''  පුවත්පතේ මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත මහතා කල සකච්ජාවකි.

කුඩා රථ ගිලෙද්දී BMW අලෙවිය 281% කින් නගී !

වාහන බදු වැඩි නිසා කුඩා මරුටි/සුසුකි මාදිලියේ මෝටර් රථ අලෙවිය 2013 ජනවාරි මාසයේදී 2012 අදාළ කාලයට සාපේක්ෂව සියයට 84 කින් පමණ අඩුවී තිබෙද්දී සු‍ඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. රථ අලෙවිය සියයට 281 කින් පමණ වැඩිවී තිබෙන බව නවතම දත්ත අනාවරණය කරයි.

ජේ.බී. සිකියුරිටීස් කොටස් තැරැව්කාර සමාගම විසින් එළි දක්වා තිබෙන මෙරට වාහන ලියාපදිංචියේ මාසික දත්ත මගින් මෙම කරුණු හෙළිවේ.මේ අනුව, නවතම සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. රථ 84 ක් පසුගිය ජනවාරි මාසයේදී ලියාපදිංචි වී තිබෙන අතර 2012 ජනවාරි මාසයේදී ලියාපදිංචි වී තිබුණේ එවැනි රථ 22 කි.මේ අතර, 2013 ජනවාරි මාසයේදී නවතම මර්සිඩීස් බෙන්ස් සුඛෝපභෝගී රථ අලෙවියද ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 109 කින් වර්ධනය වී එවැනි මෝටර් රථ 23 ක් අලෙවි වී තිබේ.මේ අතර, මෙම දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ සාමාන්‍ය ජනතාව භාවිතා කරන මෝටර් රථ ලියාපදිංචිය පසුගිය ජනවාරි මාසයේදීද අඩුවී තිබෙන බවයි.

2012 වෙළඳ ශේෂ හිඟය අඩු වෙයි

ආනයන පාලනය කිරීමේ ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක වීම නිසා, 2011සමග සන්සන්දනය කිරීමේ දී 2012 ශී‍්‍ර ලංකාවේ වෙළෙඳ හිඟය 4.1%කින් එනම් ඩොලර් බිලියන 9.3කින් අඩු වී ඇත.එය සිදු වී ඇත්තේ ඇත්තේ අපනයන ආදායම ද පහත වැටුණු තත්ත්වයක් යටතේය.

ආයෝජන භාණ්ඩ ආනයනය වෙනුවෙන් වියදම වැඩි වුව ද පාරිභෝගික භාණ්ඩ සහ අන්තර් භාණ්ඩ ආනයනය ක‍්‍රමයෙන් 2012 අපේ‍්‍රල් සිට අඩු වූයේ රාජ්‍ය ප‍්‍රතිපත්ති නිසා බව මහ බැංකුවේ විදේශ කාර්ය සාධන වාර්තාව සඳහන් කරයි.2012 අපනයන ආදායම ද අඩු වුණේ ගෝලීය ඉල්ලුම දුර්වල වීම නිසාය. එහෙත් 2012 වෙළෙඳ හිඟය හැකිළී ගොස් තිබේ යැයි ද මහ බැංකුව සඳහන් කරයි. 2012 දෙසැම්බර් මස අපනයන ආදායම පහත වැටිණි. කාර්මික අපනයන ආදායම පහත වැටුණු අතර කෘෂි නිපැයුම් තේ අපනයන ආදායම ඉහළ ගොස් තිබිණ. 2012 මැයි සිට තේ මිල ඉහළ ගොස් තිබුණු නිසා අපනයන ආදායම් තත්ත්වය හිතකර විය.

ආර්ථික වර්ධනයේ බල බිඳින එළවළු මිල ! The Economic Analysis

 ජනවාරි මස උද්ධමනය ඉකුත් දෙසැම්බර් මස පැවති සියයට 9.2 සිට සියයට 9.8 දක්‌වා ඉහළ ගියේය. උද්ධමනය යනු බඩු මිල වැඩි වීමයි. උද්ධමන අනුපාතයෙන් ප්‍රකාශ වන්නේ බඩු මිල ඉහළ යැමේ වේගයයි. ඒ අනුව ජනවාරි මාසයේදී බඩු මිල ගණන් ඉහළ යන වේගය සියයට 9.8 දක්‌වා ඉහළ ගොස්‌ තිබේ. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ පසුගිය කාලයේ පැවැති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා සිදුවූ වගා හානි සහ අදාළ නිෂ්පාදිතවල සැපයුමේ පැවැති හිඟයන්ය. 

මේ නිසා එළවළු මිල ගණන් විශාල ලෙස ඉහළ ගියේය. ජනතාවගේ ජීවන බර වැඩි කළ මේ අධික එළවළු මිල ගණන් හමුවේ ඊට ලංකා සතොස ද මැදිහත් වී සහන මිලට එළවළු අලෙවි කිරීමේ වැඩපිළිවෙළක්‌ ද ආරම්භ කළේය.

ඩොලර් ගිල රුපියල් දෙන මැෂිමක් ධර්මපාල මාවතේ

Sampath Bank commissions forex changing ATM
විදේශීය මුදල් ඇතුළු කළ පසුව රුපියල් ලබාගත හැකි දේශීය බැංකුවක් විසින් මෙරට ස්ථාපිත කළ පළමු ස්ව්‍යංක්‍රීය ටෙලර් යන්ත්‍රය සම්පත් බැංකුව විසින් මහ බැංකු අධිපති අජිත් නිඩාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ධර්මපාල මාවතේ දින 365 පුරාම ගනුදෙනු කරන සම්පත් බැංකු ශාඛාවේ විවෘත කරයි.

මෙම යන්ත්‍රය මගින් ගණුදෙනු කිරීමට ATM කාඩ්පතක්‌ අවශ්‍ය නොවන අතර මෙම පහසුකම ලබාගැනීමට සම්පත් බැංකු ගිණුම් හිමියෙකුවීම අවශ්‍ය නොවේ. භාවිතා කරන්නාගේ කැමැත්ත අනුව ඔහුගේ හෝ ඇයගේ විදේශ ගමන් බලපත් අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය මේ සඳහා භාවිතා කළ හැක. මූලික අවස්‌ථාවේ  ඩොලර් පමණක්‌ හුවමාරු කළ හැකි අතර, නුදුරු අනාගතයේ අනිකුත් විදේශ මුදල් සඳහා ද ඉඩහසර ලබා දීමට සම්පත් බැංකුව බලාපොරොත්තු වේ.

අඩු පිරිවැයකින් ජීවත්විය හැකි ලොව ප්‍රධාන නගර අතරට කොළඹත්

"Colombo Among Cheapest Cities in the World "
අවම පිරිවැයකින් ජීවත්විය හැකි ලෝකයේ ප්‍රධාන නගර දහය අතරට ශ්‍රී ලංකාවේ කොළඹ නගරයද ඇතුළත්ව තිබේ. ලෝක ආර්ථික බුද්ධි ඒකකය (Economist Intelligence Unit) මඟින් සිදුකළ සමීක්ෂණයකට අනුව මේ බව හෙළිවී තිබෙන අතර එහිදී ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.

මෙය එම බුද්ධි ඒකකය මඟින් වාර්ෂිකව සිදුකරන සමීක්ෂණයක් වන අතර එහිදී වාර්තාවක්ද නිකුත්කර තිබේ. අවම පිරිවැයකින් ජීවත්විය හැකි ලෝකයේ ප්‍රධාන නගර අතර ඉදිරියෙන්ම සිටිනුයේ පාකිස්තානයේ කරච්චි නගරය වන අතර ඉන්දියාවේ මුම්බායි නගරය දෙවැනි ස්ථානය හිමිකරගෙන ඇත.ඉන්දියාවේ නවදිල්ලිය තෙවැනි ස්ථානයද, නේපාලයේ කත්මණ්ඩු සිවුවැනි ස්ථානයද, ඇල්ජීරියාවේ ඇල්ජියස් පස්වැනි ස්ථානයටද පැමිණ තිබෙන අතර රුමේනියාවේ බුචාරස්ට් හයවැනි තැන හිමිකරගෙන තිබේ.

භාණ්ඩ හා සේවාවල මිල ඉහළ නගී. Sri Lanka inflation rises in January 2013

භාණ්ඩ හා සේවාවල මිල මට්ටම් අඛණ්ඩව ඉහළ යාම පිළිඹිබු කරමින් මෙරට උද්ධමනය 2012 දෙසැම්බර් මාසයට වඩා ජනවාරි මාසයේදී ඉහළ නගී.

මේ අනුව, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නවතම දත්ත වලින් අනාවරණය වන්නේ 2013 ජනවාරි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය සියයට 9.8 ක් දක්වා ඉහළ නැගුණු බවයි. 2012 දෙසැම්බර් මාසයේදී උද්ධමනය සියයට 9.2 ක් විය.මේ අතර, වාර්ෂික සාමාන්‍ය උද්ධමන අනුපාතය 2013 ජනවාරි මාසයේදී සියයට 8.1 ක්වී තිබෙන අතර එය පසුගිය දෙසැම්බර් මාසයේදී සියයට 7.6 ක් විය.තනි ඉලක්කමේ උද්ධමනයක් පවත්වා ගැනීමට මහ බැංකුව ඉලක්ක කර තිබුණත් එම ඉලක්කය පිට පැනීමේ ආසන්නයටම මේ වනවිට උද්ධමනය පැමිණ තිබේ.

විරැකියාව අවම මට්ටමක ඇති රටවල් අතරට ශී‍්‍ර ලංකාව - Unemployment in Sri Lanka

විරැකියාව අවම මට්ටමක ඇති ලොව රටවල් අතරට ශී‍්‍ර ලංකාව ද එක්ව තිබේ. 2012 දෙවැනි කාර්තුව වන විට ශී‍්‍ර ලංකාවේ විරැකියා අනුපාතය 3.9 දක්වා පහත වැටී ඇත.

විරැකියාව අවම මට්ටමක ඇති රටවල් අතර ශී‍්‍ර ලංකාවේ සේවා නියුක්තිය ඉහළ මට්ටමක පවතින අතර එය 2012 වසරේ දෙවැනි කාර්තුව වන විට 96.1%ක අගයක් ගත් අතර එම සංඛ්‍යාව රටේ ජනගහනයෙන් ලක්ෂ 17ක් පමණ වන බව ද ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

තෙවසරකින් ඉන්දු-ලංකා වෙළඳාම දෙගුණ කිරීමට යයි


ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විශේෂ ආර්ථික සහයෝගීතාවයක් ඇති කිරීමට ප්‍රතිපත්තිමය රාමුවක් ගොඩනැගීම සඳහා ඉන්දියාව මෙරට මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කිරීමට සූදානම් වනබව දෙරට විසින් ඒකාබද්ධව නිවේදනය කර තිබේ.
මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ දෙරටේ විදේශ අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡා වලින් පසුවයි.
“තවදුරටත් වෙළඳාම, සංචාරක කර්මාන්තය හා ආයෝජන සම්බන්ධතාවය පුළුල් කිරීමට පියවර කිහිපයක් ගැනීමට දෙරට එකඟ වුණා. මේ යටතේ, ඉදිරි වසර තුන තුළදී දෙරට අතර සිදුවන ද්වි පාර්ශික ආර්ථික හා වෙළඳ කටයුතු ඩොලර් බිලියන 10 ක් දක්වා දෙගුණ කිරීමට සැලසුම් කර තිබෙනවා.“ යනුවෙන් මෙම නිවේදනයේ සඳහන් වේ.

පෞද්ගලික අංශයේ ණය වර්ධනය අඩු වෙලා - Central Bank of Sri Lanka

පෞද්ගලික අංශය වෙත ලබාදුන් ණය වර්ධනය 2012 මාර්තු මාසයේදී පැවැති සියයට 35.2 සිට 2012 නොවැම්බර් මාසය වන විට සියයට 20.7 ක්‌ දක්‌වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව නිකුත් කළ 2013 ජනවාරි මස මූල්‍ය ප්‍රතිපත්ති විවරණ වාර්තාවේ මේ බව සඳහන්ය. එහි මෙසේ ද සඳහන් වේ.

2012 වසරේ මුල් කාලයේදී ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සමග ශීඝ්‍රයෙන් අඩුවෙමින් පැවැති පෞද්ගලික අංශය වෙත ලබාදුන් ණයෙහි වෙනස්‌වීම හේතුවෙන් පුළුල් මුදල්හි වර්ධනය අඛණ්‌ඩව අඩු විය. නොවැම්බර් මාසය දක්‌වා ඉහළ ගිය රජය විසින් ලබාගත් ශුද්ධ ණය, රාජ්‍ය මූල්‍ය ඉලක්‌කයන් ළඟාකර ගැනීම සඳහා රජය ගනු ලැබූ ඵලදායී උත්සාහයන් හේතුවෙන් දෙසැම්බර් මාසයේදී සැළකිය යුතු ලෙස අඩු විය. කෙසේ වුවද, රාජ්‍ය සංස්‌ථා විසින් ලබාගත් ණය අඛණ්‌ඩව වර්ධනය වෙමින් පවතින අතර, මෙමගින් පුළුල් මුදල් වර්ධනය මත යම් පීඩනයක්‌ ඇති වෙයි.

ශී‍්‍ර ලංකා රුපියල හිස ඔසවයි- Sri Lanka rupee strengthens

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (11) තවදුරටත් ශක්තිමත් වුණා. ශී‍්‍ර ලංකා මහ බැංකුවේ නිශ්චය කිරීම්වලට අනුව ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියලේ අගය සටහන් වූයේ රුපියල් 126 යි ශත 03 ක් ලෙසයි. අද දිනයේ ඩොලරයක ගැණුම් මිල රුපියල් 124 යි ශත 74 ක් වන අතර, විකුණුම් මිල රුපියල් 127 යි ශත 99 ක්. රුපියලේ අගය දැන් මාස 09 කින් ඉහළම අගයට පත්ව තිබෙනවා. විදේශීය බැඳුම්කර විකුණුම් ඇතුළු විදේශ විනිමය ගලනය මෙලෙස රුපියල ශක්තිමත් වීමට හේතු වී ඇති බව මහ බැංකුව ප‍්‍රකාශ කළා.

2013 ධනාත්මකයි - Sri Lanka Economic Review.

 2012 කියන්නෙ මුළු ලෝකයටම අභියෝගයක් වුණ වර්ෂයකි. අමෙරිකාව වගේම රටවල් 27කින් සැදුම්ලත් යුරෝපා කලාපයේ විශාල ආර්ථික අර්බුදයක් ඇති විය. මූල්‍ය ක්‍රමය වගේම අනිත් අංශවලිනුත් ඔවුන් විවිධ අභියෝගවලට මුහුණ දුනි. දිගින් දිගටම 10%ක ආර්ථික වර්ධනයක් පවත්වා ගත් චීනයේ ආර්ථික වර්ධනය 7%ට පසුබැස්සේය. ඉන්දියාවේ තත්ත්වයත් එය වූ අතර එරට ආර්ථික වර්ධනය 5%ට අඩු විය.

පෙරදිග රටවල දේශපාලන අස්ථාවරතා ඇති විය. ඒ වගේම ඉරානයේ තෙල් සම්බන්ධයෙන් විවිධ සම්බාධක පැනවීය. එරටින් තෙල් ආනයනය කරන රටවලට වැඩ කරන්න වූයේ ඒ සීමා තුළය. ලංකාවටත් ඒ කාරණය බලපෑවේය. ඉතා ඉහළ මිල ගණන් යටතේ තෙල් ආනයනය කරන්න සිද්ධ විය.

මාසික ආදායම 50,000 වැඩි නම් 2% බද්ධක්

මසකට රුපියල් 50,000ත් 100,000 ත් අතර මාසික ආදායමක් ලබන පුද්ගලයෙකු සියයට 2 බද්ධක් ගෙවිය යුතු බව මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා පවසයි.රුපියල් 50,000 අඩු ආදායමක් ලබන කිසිදු පුද්ගලයෙකු එසේ බදු ගෙවිය යුතු නැතැයිද ඔහු පෙන්වාදෙයි.කොළඹදී  (04) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවේය.ඛනිජ තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලය මෙරට වැඩිම අලාභ ලබන ආයතන බව ද ඔහු පී.බී ජයසුන්දර මහතා පෙන්වාදුන්නේය.

පසුගිය වසරේදී විදුලිය නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඉන්ධන ගෙවීමට පමණක් ඩොලර් මිලියන 5.5ක මුදලක් වැය කෙරුණු බවද ඔහු සඳහන් කළේය.කෙසේ වෙතත් මෙම වසරේදී මෙරට ආර්ථීකයේ සුවිශේෂී වර්ධනයක් අපේක්ෂා කරන බව ජයසුන්දර මහතා කියා සිටියේය.

2011ට සාපේක්‍ෂව ආර්ථික වර්ධනය අඩකින් අඩුවේ

2011 තුන්වන කාර්තුවේදී සියයට 8.5කින් වර්ධනය වූ මෙරට ආර්ථිකය මේ වසරේ තුන්වන කාර්තුවේදී වර්ධනය වූයේ සියයට 4.8කින් බව හෙළිවේ.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත්කර තිබෙන නවතම දත්ත මඟින් මේ බව අනාවරණය වන අතර 2011 වසරේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 8.3ක් විය. කෙසේ වෙතත් පුරෝකථනය කර තිබෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය මේ වසරේදී සියයට 6.7ක් දක්වා මන්දගාමී වනු ඇති බවටයි.

ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය දර්ශකයේ අගය ඉහළට - Sri Lanka Prosperity Index

වර්ෂ 2009 සිට වර්ෂ 2011 අතර කාලයේදී සියලුම උප දර්ශකවල දියුණුවක්‌ද සමග ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය (Sri Lanka Prosperity Index) 56.5 සිට 60.6 දක්‌වා වර්ධනය වී ඇත.

මේ අනුව ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය 2010 වසරේදී සියයට 3.1 කින් සහ 2011 වසරේදී සියයට 4.1 කින්ද වර්ධනය වී ඇතැයි මහ බැංකුව කියයි. 2009 සිට 2011 කාලය තුළ වඩාත් පැහැදිලි දියුණුවක්‌ පෙන්නුම් කළ සමාජ හා ආර්ථික යටිතල පහසුකම් පිළිබඳ උප දර්ශකය 2010 වසරේදී සියයට 3.7 ක වර්ධනයක්‌ පෙන්නුම් කළ අතර, 2011 වසරේදී එහි වර්ධනය සියයට 4.9 දක්‌වා ඉහළ ගොස්‌ තිබිණි. 2010 වසරේදී සියයට 2.1 කින් වර්ධනය වූ ආර්ථික හා ව්‍යාපාරික පරිසරය පිළිබඳ උප දර්ශකය 2011 වසරේදී සියයට 4 දක්‌වා ඉහළ ගොස්‌ තිබේ. එසේම ජන ජීවිතයේ යහපැවැත්ම පිළිබඳ උප දර්ශකය 2010 වසරේදී සියයට 3.7 කින් ද 2011 වසරේදී සියයට 3.6 කින්ද වර්ධනය වී ඇතැයි මහ බැංකුව කියයි.

උපදින්නට හොඳම රට ස්වට්සර්ලන්තය , Where to be born in 2013

ලන්ඩනයේ ”ඉකොනොමිස්ට්” ආර්ථික විද්‍යා සඟරාව පවත්වන ලද සමීක්‍ෂණයකින් අනාවරණය වී ඇත්තේ 2013 වසරේදී උපදින්නට හොඳම රට ස්වට්සර්ලන්තය බවයි. මෙම ලයිස්තුවේ ශ්‍රී ලංකාවට 63 වැනි ස්ථානය  හා  ඉන්දියාවට 66 වැනි ස්ථානය  හිමිවී තිබේ

ඔවුන් පවසන්නේ ස්විට්සර්ලන්තයේ ජීවත්වන්නන් ඉහළ ගුණාත්මක භාවයක් බුක්ති විඳින බවය. ඉතාමත් සතුටින් ජීවත්වන බවය. දෙවැනි තැන ඕස්ට්‍රේලියාවටත් තෙවැන්න නෝර්වේ රජයටත් හිමිවී ඇත.

මෙම සමීක්‍ෂණයෙන් ඇමෙරිකාවේ 16 වැනි තැනටත් එංගනත්තය 27 වැනි තැනටත් පත්ව ඇති අතර මුල් රටවල් හතරම ස්කැන්ඩිවෙනියා රටවල් වෙයි.

Gossip Lanka Hot News Previous News Archive